Hollywood & Bollywood
Trending

ප්‍රීතිගේ ක්‍රිකට් ටීම් එකට කත්‍රිනාත් ගිහින්.




ප්‍රීති සින්ටා සහ කත්‍රිනා කයිෆ් කියන්නේ බොලිවුඩ් සිනමාවේ සිටින ජනප්‍රිය තාරකාවන් දෙදෙනෙක්. මේ දෙන්නාගෙන් වඩාත් පරණ නිළිය වන්නේ ප්‍රීති. එකම ෆීල්ඩ් එකේ නිසා මේ අය අතර පොඩි පොඩි නොහොඳ නෝකාඩුත් නැත්තෙම නෑනේ.

ඒ මොනවා තිබුණත් මතුපිටින් මේ හැමෝම හරි යාළුයි වගේ පෙන්නනවා. කත්‍රිනා කයිෆ් ගැන කියනවා නම් ඇය ක්‍රිකට් ක්‍රීඩා කරන්න දක්ෂ කෙනෙක්. ඒ බව ඉන්දීය මාධ්‍යවල වාර්තා වුණා. කත්‍රිනා මෑතකදී රඟපෑ භාරත් කියන චිත්‍රපටයේ දී ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවක් බවට පත් වෙනවා. රංඟනයක් වුණත් එම චිත්‍රපටය නැරඹීමෙන් පසු බොහෝ දෙනා කත්‍රිනාගේ ක්‍රීඩා කෞශල්‍යය ගැන කතා කරන්න පටන් ගත්තා. කත්‍රිනා කයිෆ්ගේ මේ සුවිශේෂී හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන්ම අනුශ්කා ශර්මාගේ සැමියා වූ විරාට් කෝලි පවා ප්‍රශංසා කරලා තිබුණා.

කත්‍රිනා කයිෆ්ගේ ක්‍රිකට් රංඟනය දැකපු ප්‍රීති සින්ටා මොකද දන්නවා ද කරන්නේ, වහාම තමන්ගේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කියන විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට බැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා දන්නවානේ ඉන්දියන් ප්‍රිමියලීග් තරග ගැන. ඉදිරියේ දී ප්‍රීති එක්ක කත්‍රිනාත් මේ වැඩවලට එකතු වේවි.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close