Daily News
Trending

ප්‍රියසාද් ආදරයට අවුරුදු 30ක්ලු.

Priyasad family




Priyasad family Exclusive from Starfriends.lk

ප්‍රියසාද් ආදරයේ සංකේත තුනක් තියෙනවා. ඒ දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි. මේ දූවරුන් තිදෙනාව කලාවට දායාද කරපු ප්‍රියසාද් ආදරයට වසර තිහක් සම්පූර්ණ වෙලා.

ඒ ගැන ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්ක ලස්සන ඡායාරූප කිහිපයක් පළකරලා තිබුණේ ප්‍රියසාද් පැටව්.

දිනේෂ් ප්‍රියසාද් කියන්නේ ලංකාවේ සිනමාව තුළ නමක් තැබූ සිනමාකරුවෙක්. ඔහුගේ සහෝදරයා ගිවන්ත අර්ථසාද් කියන්නේත් අති දක්ෂ කලාකරුවෙක්. දිනේෂ් ප්‍රියසාද් මහත්මයා සතුව විශාල සිනමා දැනුමක් තියෙනවා. ඔහුගෙන් වර්තමාන පරම්පරාවට උගත හැකි දේ බොහොමයි. නිහතමානී කලාකරුවකු ද වන නිසා දිනේෂ් ප්‍රියසාද් මහතා සම්බන්ධයෙන් බොහෝ දෙනාට තියෙන්නේ ඉතාම ආදරණීය චිත්‍රයක්.

දිනේෂ් ප්‍රියසාද් මහත්මයා සහ ඒ මැතිනිය විවාහ ජීවිතයට ප්‍රවිශ්ට වෙලා මේ වසරට අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා. අවුරුදු 30ක් කියන්නේ දීර්ඝ කාලයක්. මේ තරම් කාලයක් සෙනෙහසින් ජීවත් වන්න වගේම දූවරුන් තිදෙනකු දැඩි කරන්නත් ඔවුන් සමත් වනවා.

කාගේ වත් කතාවක් අහන්න ඉඩ නොතබා මල් වගේ ලස්සන ගෑනු ළමයින් තුන් දෙනෙක් ලොකු මහත් කරනවා කියන්නේ පහසු වගකීමක් නෙමෙයි. ප්‍රියසාද් යුවලට ඒ වගකීමක් බරක් වුණේ නැහැ. මොකද ඒ දියණිවරු ඉතාම ගුණගරුකව මෙන්ම යහපත්ව දැඩි වෙනවා.

දූවරුන් තිදෙනාම රංඟනයේ දක්ෂතා පෙන්වමින් මේ වනවිට ජනප්‍රිය තලයේ පසුවෙනවා. කොහොම වුණත් දිනේෂ් ප්‍රියසාද් මහතා නම් තවමත් තමන්ගේ දියණිවරුන් ගැන ආඩම්බර වෙන්නේ නැහැ.

මේ පවුලේ සාර්ථකත්වය පසුපස සිටින යෝධ සෙවනැල්ල වුණේ ප්‍රියසාද් මැතිණිය. ඇය දියණිවරුන් තිදෙනකුගේ මවක් ලෙස තිරය පිටුපස සිට අප්‍රමාණ කැපවීමක් කරනවා. අදත් මේ තරුණ දියණිවරුන් තුන්දෙනාම අඳින්නේ ඒ අම්මාගේ අතින් මසා නිමවන විලාසිතා.

ඉතින් විවාහ දිවියේ තිස්වන සංවත්සරය සමරන ප්‍රියසාද් යුවලට අපේ උණුසුම් සුබපැතුම් එක් කරනවා.

Priyasad family Exclusive from Starfriends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close