Daily News

පබා කරගත්ත ලොකුම අත්වැරැද්දෙන් කලකිරිලලු ඉන්නෙ – Upeksha Swarnamali




උපේක්ෂා ස්වර්ණමාලි කිව්වම කාලයක් යනකං එයාව කවුරුත් දැනගෙන හිටියේ නෑ. කාලයක් කිව්වට ඒටික කාලෙ ගෙවිලා ගියත් ඒක එහෙමම තමයි. ඕගොල්ලොන්ට දැන් හිතුනද මෙයාව ඒ නමින් මිනිස්සු දැනගෙන ඉන්නෙ නැති වෙන්න හේතුව මොකක්ද කියලා. ඒක ඒ හැටි එච්චර හිතන්න දේකුත් නෙවෙයි මෙයාව මිනිස්සු දැනගෙන හිටියේ පබා කියලා.පබා ටෙලිය පටන් ගත්ත දවසේ ඉඳලා ඉවරවෙලාත් කාලයක් ගිහින් තවමත් මිනිස්සු වැඩියෙන් කතා කරන්නේ මෙයාට පබා කියලා. හරි, උපේක්ෂා මේ දවස්වල Teledrama තුනක විතර වැඩ කරනවා. ඒත් එක්කම ඊයේ පෙරේදා වැඩ ඉවර කරලා රිලීස්වුණ මානය ෆිල්ම් එකේ main actress වෙන්නෙත් උපේක්ෂාමයි. ෆිල්ම් එකේ හොඳම කෑල්ල හැබැයි තියෙන්නේ තිරෙන් පිටිපස්සේ. මොකද උපේක්ෂාට මේ ෆිල්ම් එක හින්දා අංගම්පොර පවා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. වැඩේ කියන්නෙ ඉතින් උපේක්ෂා කියන විදියට නම් එයා අංගම්පොර සති දෙකෙන් ඉවර කරාලු. සමහර වෙලාවට මේ කතාව නොම්මර එකේ අංගම්පොර කාරයෙක් අහන් හිටියොත් කියයි උපේක්ෂා ඉගෙනගෙන තියෙන්නෙ අංගම්පොර නෙවෙයි වෙන මොකක් හරි කියලා. කොහොමහරි ඉතින් උපේක්ෂා දැන් නම් බබා ලැබිලා අවුරුදු දෙකක් ගියත් ෆුල් බිසීලු. අපි ඉතිං මුලින්ම කතාව පටන් ගත්තේ පබාගෙන්නේ. මෙන්න මේ කියන පබා කොයිතරම් ජනප්‍රිය උනාද කියනවා නම් අන්තිමේදී ගිහිල්ලා වාඩි වුණේ පාර්ලිමේන්තු ආසනයක.

ඉතින් ඔන්න දැන් මෙන්න මේ සිද්ධිය ගැනම තමයි පබා ලොකු අප්සට් එකෙන් කතා කරන්නේ. උපේක්ෂා කියන විදියට නම් එයාගෙ ජීවිතේ එයා කරගත්ත ලොකුම වැරැද්දක්ලු political වලට ආපු එක. ඒක හින්ද එයාගෙ රසිකයෝ පවා එයාට නැතිවෙලා ගියාලු. ඒක එයාගෙ පෞද්ගලික ජීවිතේට කරගත්ත ලොකුම හානියක් වගේම ලොකුම කැළලක් කියලා තමයි උපේක්ෂා නම් කියන්නේ. political වලට ඇවිත් එයා කරගත්තේ කරගන්න පුළුවන් ලොකුම ලොකු අත් වැරැද්දලු. එත් ඉතින් පබා අන්තිමටම කියන්නෙත් දේශපාලනය උත්තරීතරයි කියලලු .

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close