GossipsHollywood & Bollywood
Trending

දීපිකා රන්වීර් එක්ක ලංකාවට ආවේ ඇයි?

Ranveer Singh and Deepika Padukone vacationing in Sri Lanka




Ranveer Singh and Deepika Padukone vacationing in Sri Lanka Exclusive from Starfriends.lk

හිටි හැටියේම රන්වීර් දීපිකා එක්ක ලංකාවට ඇවිත් කියලා ආරංචියක් ආවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ලංකාවට ගොඩ බැස්ස අලුත් කපල් එක පිළිගන්න ගිහින් හිටියේ ඔයාලා හැමෝම දන්න කියන කෙනෙක්. ඔහු රන්වීර්ලාගේ දීපිකාලගේ ලෝකයේ වීරයෙක් කිව්වත් නිවැරදියි. ඒ අතින් නම් ඉතින් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මොකද බොලිවුඩ් වල ඉහළම ආදායම් ලාභිනිය සහ අතිශය ජනප්‍රිය බොලිවුඩ් තාරකා යුග්මය ලංකාවට ඇවිත් මම මේ කියන පුද්ගලයා එක්ක සෙල්ෆි ගන්නවා. ඒ තරමට නිහතමානී වෙන්න නම් අපේ රටේ තරුව කොයි තරම් පවර්ෆුල් වෙන්න ඕනෑද?

ඔහු තමයි ලොව පහළ වූ වන් ඇන්ඩ් ඔන්ලි මාස්ටර් බල්සාටර් නොහොත් ප්‍රවේගකාරීම ආරම්භක පිතිකරුවා. ඒ කවුද කියලා දැන් ඔයාලා දන්නවානේ. ඉතින් සනත් ජයසූරිය ගුවන්තොටුපළේ දී අලුත් මනාල යුවල එක්ක ඡායාරූප කිහිපයක් ලබා ගන්නවා. ඔහු ඒ පින්තූර අන්තර්ජාලයටත් එකතු කරනවා. ඒ වෙලාවේ ඉඳලා හැමෝටම අවශ්‍ය වුණේ දීපිකාලා පට්ට බිසී වෙලා ඉන්න වෙලාවක හදිසියේම ලංකාවට අවේ ඇයි කියලා දැනගන්න. මේ දිනවල තිරගත වන්න සූදානමින් සිටින රන්වීර් ගේ සිම්බා චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩත් නතර කරලා ලංකාවට ඇවිත් යන්න හිතුවේ නිකම්ම නම් වෙන්න බැහැනේ.

ඇත්තමයි මේ සම්බන්ධයෙන් අපිටත් හරිම උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි එක දෙයක් නම් හරියටම කියන්න පුළුවන්. දීපිකාගේ සමීපතම හිතවතුන් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔයාලාට මතකද මීට කලින් වතාවක් රන්වීර් සහ දීපිකා මේ වගේම ලංකාවට ඇවිත් ගියා? එතකොට එයාලා පෙම්වතුන්. ඒ වෙලාවේ නම් ඔවුන් ආවේ අර මම කියපු සමීපතම මිතුරියකගේ විවාහ මංගල්‍යයකට. ඒ අවස්ථාවේ දී ලබාගත්ත ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පවා හුවමාරු වුණා. එදා දීපිකා රන්වීර් එක්ක ඇතිවෙන්න ඩාන්ස් කරලා තමයි ගිහින් තිබුණේ. සමහර විට මේ ආවෙත් හිතවතුන් බලලා යන්න වෙන්න පුළුවන්. අපි ඒ ගැන වැඩි විස්තර දැනගත්තොත් ඔයාලට කියන්නම්කෝ.

Ranveer Singh and Deepika Padukone vacationing in Sri Lanka Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close