Daily NewsGossipsHollywood & Bollywood
ටීම් එකෙන් හැලුණු දෝනි පැරෂුට් යයි – මහේන්ද්‍ර සිංදෝණි

ඔයාලට මතක ඇති මීට ටික දවසකට ඉස්සර වෙලා ලංකාවේ විදුහල්පතිවරුන්ට නම්බුනාම පට්ටං ගොඩක් දෙන්න ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කලා. හැබැයි ඉතින් ඒ දේවල් ගැන නම් ලංකාවේ මිනිස්සුන්ට ඒ තරම් ගානන් ගියේ නෑ. මොකද කොහොමත් ඉතින් පට්ටං හම්බවෙන අයට ඒවා මාර දේවල් උනාට ඒවා බලාගෙන ඉන්න අයට නම් ඒවා මාර දේවල් උනේ නෑ. ආමි එකේ පට්ටං ප්‍රින්සිපල්ලාට දෙනකොට කොල්ලොන්ට හිනාගියේ කොහෙන්ද කියලා කොල්ලොවත් දන්නෙ නෑ. හැබැයි ඉතින් හැමෝම නෙවෙයි සමහර තැන්වලනම් හෙල්ලිලා හිටිය වෙලාවලුත් තියෙනවා. ඒවා වෙන්නේ අන්න එහෙමයි ඉතින්. මේ දවස්වල ඔන්න ඉන්දියන් ටීම් එකනම් ඉන්නෙ west indies වල series එකකට ගිහින්. ඒත් ඉතින් දෝනි නෑ. දෝනි ගෙදර. කෝලිලා මැච් ගහනවා.
හැබැයි ඉතින් දෝනි ඉන්දියාවට වෙලා නිකන් හිටියේ නෑ එයා මේ වෙනකොට ආමි ට්‍රේනින් ගිහින් ඉන්නේ මොකද එයාටත් ලංකාවේ වගේම ගරු තනතුරක් ලැබුණා. මේ දවස් වල නම් දෝනි ඉන්නේ කාශ්මීර වල පැරෂුට් ට්‍රේනින් එකේ. ඒකට ළඟම හේතුව වුණේ west indies tour එකට දෝනිව තෝරා නොගත්ත එකයි. ඒත් ඉතින් දෝණි ඒකෙන් සැලුනේ නෑ. පහුගිය ජූලි 31 වෙනිද ඉඳලා දෝණි පටන් ගත්තා ආමි ට්‍රේනින් වලට යන්න. මේ දවස් වල ඉතින් දෝනි පැරෂුට් ට්‍රේනින් තමයි. ඒවගේ ටීම් එකෙන් හැලුනොත් එහෙම දෝණිට නම් කරන්න ඒ වගේ දේවල්වත් තියෙනවා අපේ අයට තමයි ඉතින් sorry තමයි