Daily News
Trending

ටීනා, ප්‍රියන්ත කොළඹගේ එක්ක ප්‍රථම වතාවට පුංචි තිරයට.




ටීනා කියන දක්ෂ නිරූපිකාව සිනමාවට එක්කරගෙන එන්නේ ප්‍රියන්ත කොළඹගේ. ඒ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන්.

ප්‍රියන්ත කොළඹගේ කියන්නේ සෞන්දර්යාත්මක ආදර කතන්දර සිනමාවට ගේන තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඔහු පළමු වතාවට පුංචි තිරයට අලුත්ම ආදර කතාවක් අරගෙන එනවා.

ඒ තමයි සකූගේ කතාව. අද ඉඳලා ස්වර්ණවාහිනියෙන් රාත්‍රී 8ට සකූගේ කතාව රස විඳින්න ඔයාලට පුළුවන්.

සකූගේ කතාවෙන් ටීනා ශනෙල් කියන සිනමා නිළිය ටෙලි තිරයට අවතීර්ණ වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ටීනා නම් කියන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂ කරන වැඩක් නිසා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එන්න හිතුවා කියලයි.

සකූගේ කතාව සංගීතය හා බැඳුණු කතාවක් බව පූර්ව ප්‍රචාරකපට බැලුවම පේනවා. කුඩා දරුවකු වටා ගෙතුණු මෙම නිර්මාණය සංවේදී මානව බැඳීම් පිළිබඳව විස්තර කරන බව පේනවා.

කාලෙකට පස්සේ පුංචි තිරයට සෞන්දර්යාත්මක ආදර කතාවක් එනවා. ටීනා, පබෝදා වගේම ජනප්‍රිය නළු නිළි පිරිසක් සකූගේ කතාව කියන්න එකතු වෙලා ඉන්නවා.

අද ඉඳලා ස්වර්ණවාහිනියෙන් මේ අත්දැකීම විඳගන්න එන්න කියලා අපි ඔයාලටත් ආරාධනා කරනවා.

Tags
Show More
Close