Daily News
Trending

චාමර වීරසිංහගේ ආදර වෙඩිල්ල.




චාමර වීරසිංහ ඔන්න අලුත්ම ගීතයක් කරලා තියෙනවා. ගීතය නම් කරලා තියෙන්නේ ආදර වෙඩිල්ල කියලා.

” හීරෙනා පපුව දිගේ
වේදනා කන්ද වගේ
නුඹ ළඟින් උන්නු දිනේ
දිනපොතේ ලිව්වා ම…”

ඔහොම තමයි මේ ආදර ගීතයේ ආදර කතාව පටන් ගන්නේ. ඇත්තටම මේක ආදරයක ඇරඹුමකටත් වඩා අතරමගක් කිව්වත් නිවැරදියි.

” ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්
පෑරෙන මතකය අරන් සමරමු දිනක්
ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේ
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ ”

ආදරය කෙලවර ලැබෙන වේදනාව තමයි මේ විදියට ගීතයෙන් කියවෙන්නේ. අපි මවපු ගින්නේම අපි දැවෙනවා කියන වචන ටික ලොකු ගැඹුරක් පෙන්නනවා.

” මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගක්…”

අපි එකතුවෙලා ආදරය කියලා මේ කරන්නේ එක අතකට සසර දික්කරගැනීමක් ද? චාමරගේ සින්දුව ඇතුලේ බොළඳ ආදර කතාවකට එහා ගිය ගැඹුරක් අපිට මුණගැහෙනවා.

මේ වචන ජනප්‍රිය ගේයපද රචක මනුරංග විජේසේකරගේ. තනුව හා සංගීතය අශාන් ප්‍රනාන්දුගේ. ගායනය චාමර වීරසිංහගේ. ඔයාලත් මේ ගීතය දෙපාරක් අහලා බලන්න. එතකොට මතුපිට සරල ආදර කතාව වගේම ඇතුලත ගැඹුරත් හඳුනාගන්න ලැබේවි.

ආරංචි විදියට ආදර වෙඩිල්ල කියන්නෙ සිරස එෆ් එම් එකෙන් විකාශය වීමට නියමිත ගුවන්විදුලි කතා මාලාවක්. ඒකෙ තේමා ගීතය තමයි චාමර වීරසිංහ අතින් මේ විදියට ගායනා වෙන්නේ.

Tags
Show More
Close