Daily News
Trending

ඇන්තනී දූ පුතුන් අතිනත ගන්නා, වසරේ දැවැන්තම විවාහ මංඟල්‍යය අදයි.Exclusive Photos

Anthony Family Wedding




Anthony Family Wedding Exclusive from Starfriends.lk

ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහ සෙවණේ රැකවරණය ලැබූ එකම දියණිය මාධවී වත්සලාත් දෙපුතුන් වූ සජිත් අනුත්තර සහ අඛිල ධනංජයත් විවාපත් වීමේ ඓතිහාසික විවාහ මංඟල්‍යය අද පැවැත්වෙනවා.

ඇන්තනී පවුලේ දරුවන් තිදෙනා එකම දිනයක දී විවාහවන පුවත හැමෝම දන්න කාරණාවක්. මේ විවාහ මංගල්‍යයට අසීමිත ආකර්ශනයක් ලැබුණේ, දෙමාපියන්ගේ අඩිපාරේ යමින් අද දින විවාපත්වන දරුවන් තිදෙනා ද සුවිශාල රසික ආකර්ශනයක් ලබා සිටීම නිසා.

ජැක්සන් ඇන්තනී මහතාගේ දරුවන් තිදෙනාම රංඟනයට සමත්කම් පෑවා. ඒ අතරින් බාල පුතු සජිත් හා එකම දියණිය මාධවී ගායනයට ද සමත්කම් පෑවා. මේ තිදෙනාම නිවේදන කලාවටත් එක සේ දක්ෂතා පෙන්වූවා. සජිත්ට සහ අඛිලට නර්තනයෙහි ද සුවිශේෂී කුසලතාවක් තිබුණා. මේ ආකාරයට ඔවුන් තිදෙනාම ගොඩනගාගෙන තිබුණ අසීමිත රසික ආකර්ශනය නිසා ඔවුන්ගේ විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් කා තුළත් සුවිශේෂී උනන්දුවක් තිබුණා.

අනෙක් අතට තමන්ගේ දරුවන් වෙනුවෙන් ලෝබ නැතිව වියදම් කරන්නට සූදානම් ව සිටි ඇන්තනී පවුල මෙන්ම එම පවුලට අලුතින්ම එකතුවන ඥාති පවුල් තුන මෙම විවාහයට දැවැන්ත විවාහ මංගල්‍යයක ස්වරූපය ලබා දී ඇති බව දැනගන්න ලැබෙනවා.

මාධවී අද දින පැළඳ සිටින මංගල ආබරණවල වටිනාමක මිලියන 7ක් බව දැනගන්න ලැබෙනවා. ඒවා චන්දිමාල් ජයසිංහ විසින් නිර්මාණය කළ බවත් දැනගන්න ලැබෙනවා.

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අඛ්ල ධනුද්ධර සහ ඇමෙන්ඩා නිකොලා ගේ wedding pre shoot එක කරන්නේ ඉන්දුනීසියාවේ දී වීමත් විශේෂත්වයක්. එහි ඡායා රූප ශිල්පියා වුණේ ධනුශ්ක සේනාධීර.

මාධවී සහ මිලාන්ගේ pre shoot එක භාරදීලා තිබුණේ Dark room කණ්ඩායමට. ඔවුන් මාධවී සහ මිලාන්ගේ අතිශය රොමෑන්ටික් ඡායාරූප පෙළක් අන්තර් ජාලයට ද මුදාහැර තිබුණා.

සජිත් අනුත්තර සහ බුවනිකා මනීෂා ගේ pre shoot පින්තූර මාධ්‍යයට නිකුත් කරලා තිබුණේ ඉතාම අඩුවෙන්. ඒත් ඔවුන්ගේ මුල්ම ඡායාරූපය සජිත්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කර තිබුණා.

මාධවී, අඛිල, සජිත් යන ඇන්තනී පැටවුන් මිලාන්, ඇමෙන්ඩා සහ බුවනිකා සමඟ අතිනත ගන්නා මහා විවාහ මංගල්‍යයේ ආගමික චාරිත්‍ර සිදු වුණේ කඩවත කිරිමැටියානේ පිහිටි දේවස්ථානයකදී බව අපිට දැනගන්න ලැබෙනවා. මේ නව යුවල ත්‍රිත්වය පෝරුවේ චාර්ත්‍ර සිදුකළේ කඩවත රෝස් ගාඩ්න් උත්සව ශාලාවේ දී.

අද දින මනාලියන් බවට පත්වන තිදෙනාම බටහිර පන්නයේ මනාලියන් ලෙස සුදු පැහැති දිග ගවුම්වලින් සැරසී සිටියා. ජැක්සන් ඇන්තනී මහතාට සහ කුමාරි මුනසිංහ මහත්මියට සුරංගනාවියන් වැනි දූවරුන් තිදෙනකු ලැබී ඇති බව ඒ දර්ශනය දකින කාටත් සිහිපත් වන්න ඇති.

උදා වූ වසරේ දැවැන්තම විවාහ මංගල්‍යයේ සුන්දරම දසුන් සහ සුන්දරම සිදුවීම් පිළිබඳව අලුත්ම තොරතුරු ලද සැනින් අපි ඔබට කියනවා.

එතෙක් අද දින නව ජීවිතයක් වෙනුවෙන් අතිනත ගන්නා ඇන්තනී පවුලේ දූ දරුවන්ට ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් උණුසුම් සුබපැතුම් එකතු කරමු.

Anthony Family Wedding Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close