
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් අපිට අන්ත පරාජයක් හිමි වුණේ නොසිතූ විදියටනේ. ඒ තරඟයේදී මැතිව්ස්ට නම් සුළු පටු බැනුම් කන්දරාවක් නෙමෙයි අහන්න සිද්ධ වුණේ. හැබැයි ලසිත් මාලිංගට නම් ඒකේ අනික් පැත්ත. කාලෙකට පස්සේ කරලියට ආපු ලසිත් හිටු කියලා විකට් ගත්තනේ. මාලිංග එයාගේ සුපුරුදු තරඟ රිද්මයට ඇවිත් කියලා ක්‍රීඩා විචාරකයෝ පවා කියන්න පටන් ගත්තා.
දැන් මේ කියන්න හදන්නේ මේ දෙන්නා එකතු වෙලා කරපු වෙන විදියක කැප කිරීමක් ගැන. එදා තරඟය අවස්ථාවෙදී මුළු ලෝකයක්ම මේ කැපකිරීම ඇස් දෙකෙන් දැක ගත්තා. මැතිව්ස් වගේම මාලිංගත් තරඟයට සහභාගී වුණේ සුපුරුදු රැවුල් විලාසිතාවෙන් මිදිලා කියලා ඔයාලා දකින්න ඇතිනේ.
ඇත්තටම ඒක වෙන්නේ ෆේස්බුක් චැලෙන්ජ් එකකට අනුව. කාලෙකට ඉස්සර අයිස් බකට් චැලෙන්ජ් කියලා එකක් තිබුණේ. අන්න ඒ වගේ චැලෙන්ජ් එකක්. ඉතිං තමන්ගේ රැවුල වෙනස්ම විදියකට කපලා වීඩියෝවක් නිකුත් කරන එක තමයි මෙතනදී කරන්නේ. ලසිත් වගේම මැතිව්ස් ද මේ චැලෙන්ජ් එක භාර ගෙන තිබුණා. ඒ වීඩියෝව ඉමහත් ප්‍රතිචාර එක්ක අන්තර්ජාලයේ සැරිසරමින් තියෙද්දී තමයි අපිටත් දකින්න ලැබුණේ.