
ඔයාලා දන්නවනේ පහුගිය සතියේ පාසල් ළමුන් දෙපිරිසක් අතර ඇතිවුණ ගැටුමකින් එක් පාසල් සිසුවෙක් ඝාතනය වුණා. ඒ වගේ ඝාතන කිහිපයක්ම ඒ සතිය පුරාම අහන්න ලැබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍යයේ විවිධ පෝස්ට් නිර්මාණය වුණා.
එහෙම නිර්මාණය වූ පෝස්ට් එකක තිබුණේ ලංකාවේ නිර්මාණයක සිපගැනීමේ දර්ශන තිබුණත් කොටු දානවා. ඒත් පිහි ඇනුම් වගේ දරුණු අපරාධ රවුම් කරලා පෙන්නනවා කියලා . කතාව ඇත්තනේ. අපරාධයක් සිදුවුණාට පස්සේ ඒක වාර්තා කරද්දී ලංකාවේ මාධ්‍යයට කිසිම සදාචාරයක් නැහැ. ඉහත දැක්වූ පිහි ඇනුම තවමත් මාධ්‍ය විසින් නරක ලෙස වාර්තා කරනවා.
සාරංග ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමට මේ ඛේදවාචකය පිළිබඳ කියවෙන පෝස්ට් එකක් ශෙයාර් කරනවා. ඒත් එමගින් කියවෙන ගැඹුරු කාරණාව හරියට තේරුම් නොගත්ත අශිෂ්ට පුද්ගලයෙක් සාරංගට නරක විදියට චෝදනා කරනවා. සාරංගත් එයාට බොහොම වැදගත් විදියට උත්තර දෙනවා. ඒත් ඒ පුද්ගලයා නම් තේරුම් ගත්ත බවක් පේන්නෙම නෑ. අන්තිමට මේ සංවාදය දිහා බලාගෙන හිටපු දිනක්ෂිත් එතනට එනවා. ඇය සාරංගට කියාදෙන්නේ මේක පෝස්ට් එකේ වරදක් නෙමෙයි එහි ඇතුලාන්තය තේරුම් ගැනීමට ඇති නොහැකියාවේ වරදක් බව. ඒක තේරුම් ගන්න කියලා දිනක්ෂිත් සාරංගට පැහැදිලි කරනවා.
සමහර නොහික්මුණ මිනිස්සු හැම තැනදිම අනවශ්‍ය තරමට පෞද්ගලික දේවල් ඇදලා අරගෙන පහර දෙනවා. සාරංග නම් ඔය දේවල් ලොකුවට ගන්නේ නැහැ.
බල්ලො බිරුවට කඳු පහත් වෙන්නෙ නෑනේ. සාරංග ඒ නිසා පාඩුවේ තමන්ගෙ ගමන යනවා. කොහොම හරි අන්තිමේ සාරංගට සහය පළකරමින් දිනක්ෂිත් මේ පෝස්ට් එකම ශෙයාර් කරලා තිබුණා.