
ශලනි හොඳ වෙලාවක් බලලා කියන්න ඕනෙ දේ නියමෙටම කියපු අවස්ථාවක් අපිට හමු වුණා. මේක තිබුනේ ශලනිගේ ෆේස්බුක් වෝල් එකේ. ශලනි එක්තරා වීඩියෝවක් ශෙයාර් කරන අතරේ ඒකට පොඩි සටහනකුත් දාලා තිබුණා. ඒ සටහන මෙන්න මේකයි ” රටටත් තමන්ගේ ගෙදරටත් බරක් වී අන්තර්ජාලයේ කාලය කන තරැණ පරපුරටත් , අනුන්ගේ කුනු වාකෘති කර විකුනන් බඩකට පුරවාගන්නා ගොසිප්කාරයින්ටත්, මතට ඇබ්බැහි වී ජීවිතයම විනාශ කර ගන්නා යොවුන් පරපුරටත් මේ කුඩා දරැවා වටිනා ආදර්ශයක්” Hats off lil one.. ” ශලනි ශෙයාර් කරපු වීඩියෝවෙ හිටියෙ අවුරුදු 15ක කුඩා පිරිමි දරුවෙක්. ඔහු කාබරංකා විකුණලා ගෙදරට පොඩි සහනයක් දෙනවා. ඒ වගේම මේ දරුවා තමන්ගේ අනාගතය හැඩගස්වා ගන්න ඒ පොඩි වයසටම උත්සාහ ගන්නවා. ගීතයක් එලිදක්වන්න මේ දරුවට ආසාවක් තියෙනවා. ඒ වගේම මේ දරුවගේ අම්මා ගුරුවරියක්. දරුවටත් භාෂා තුනක් කතා කරන්න පුළුවන්. හොටෙල් කෝස් එකක් කරලා පිටරට යන්න මේ දරුවා දැනටමත් හෝම් සයන්ස් පොත් පාඩම් කරනවා. ඔය වගේ ගොඩක් විස්තර ඒ පොඩි කොල්ලා කියන කතාව ඇතුලේ තියෙනවා. ඉතිං ශලනි ඒ දරුවගේ කතාව බලලා ඉතාම පැහැදුනා. ඒ වගේම තරුණ සමාජයේ අවදානය ඒ වෙනුවෙන් යොමු කරන්න ඕනෙ නිසා රිදෙන්නම ශෙයාර් කරලත් තිබුණා. අන්න එහෙමයි ශලනි කාලේ කන්න ෆේස්බුක් එන තරුණ පරම්පරාවට රිදෙන්න කනට ගැහුවේ.