Daily News
Trending

ළඟදීම රිදී තිරයට එන “ගෝල්”




හීන හොයන සමනල්ලු, ඒ ලෙවල් ආදී සිනමා නිර්මාණයන්හි නිර්මාණකරුවා වූ රොහාන් පෙරේරාගේ නවතම සිනමා පටය වන       “ගෝල් ” ළඟදීම CEL මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වීමට නියමිතයි. බඩ ඉරිඟු කරලකින් කුස පුරවගෙන යලට මහට ඉස්කෝලෙ ගිය දරු පිරිසක් සමරසේකර සර් නිසා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වී ජීවිතය ජයගන්නා ආකාරය තමයි ගෝල් තුළින් ප්‍රකාශ වෙන්නෙ. ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, චාන්දනී සෙනෙවිරත්න, නයනා හෙට්ටිආරච්චි, අනුලා බුලත්සිංහල, ලක්ෂ්මන් මෙන්ඩිස් ආදී දක්ෂ නළු නිළි පිරිසක් මෙහි රංඟනයෙහි යෙදෙනවා. පාලිත පෙරේරා කැමරාකරණයෙන්ද නාරද තොටගමුව අංගරචනයෙන්ද සංගීත අධ්‍යක්ෂන සුරේෂ් මාලියැද්ද ද සම්බන්ධ වන ගෝල් සිනමා පටය මහරාජා එන්ටර්ටේන්මන්ට් පෞද්ගලික සමාගමේ නිෂ්පාදනයක්.

Tags
Show More
Close