Daily News
හොඳම නළුවා ෆිල්ම් බලන්නෙත් නෑලු – Dharshan dharmaraj

වෙලාව කලාව එනකොට ඒ වෙලාව කලාවට හරියන්නම ඕනතරම් වැඩ සෙට් වෙනවා. සමහර වෙලාවට කරගන්න වත් බැරි තරමට හිසේ ඇම්ම හැදෙන ගානට. ඒ වගේම තමයි ඉතින් නැත්තං නෑම තමයි. එතකොට ගොඩක් artistලා empty life එකක් තමයි රන් කරන්නේ. එතකොට ඉතින් ඒ අය කියන විදියට නං යාළුවො නිකන් මාළුවො වගේලු. පැනලමලු යන්නෙ. හැබැයි ඇත්ත තත්වෙ ඒක උනාට ගොඩක් දෙනෙක් ඒක කියන්නෙ නෑ.හංගගෙන ඉන්නෙ. ඒත් ඉතින් පොල්ලෙන් ගැහුවා වගේ ඇත්ත කියන artistලත් ඉන්නවා. එහෙම එක්කෙනෙක් තමයි හොඳම නළුවා සම්මානෙ ගත්ත දර්ශන් ධර්මරාජ්. දර්ශන්ට මේ හොඳම නළුවා සම්මානය ලැබුණු මුල් වතාව නෙවෙයි. මේ හොඳම නළුවාට හම්බවුණු තුන්වෙනි පාර. මේ පාර නොමිනේට් වෙලා තිබුනට ලොකු හිතේ බලාපොරොත්තුවක් තියාගෙන හිටියෙ නෑලු සම්මාන ලැබෙයි කියලා. කොහොම වුණත් හොඳම නළුවා සම්මානය ලැබෙනවා කියන්නෙම, turning point එකක්. 2012 සම්මානය ගත්තට පස්සේ ලොකු වෙනසක් වෙයි කියලා දර්ශන් හිතුවලු. ඒත් ඒක වුණේ නෑ කියලා තමයි දර්ශන් නම් කියන්නේ. සම්මාන ගත්තට කාටවත් එහෙම වැඩ හම්බ වෙන්නේ නෑලු. කොහොමහරි චරිතයක් කරලා එකේ දුර්වලතා තියනවාට වඩා, හොඳින් තමන්ට පුලුවන් උපරිමයෙන් වැඩ කරන එකලු දර්ශන්ගෙ බලාපොරොත්තුව. ගමේ ඉඳන් කොළඹ ඇවිත් එක රස්සාවක් කරලා ඒකෙන් සල්ලි මදි වෙද්දි තවත් රස්සාවක් කරපු දර්ශන හෙට්ටිවීදියෙ අවුරුදු ගාණක්ම කරක් ගහපු චරිතයක්. ඩ්‍රාමා එකක් කරන්න දර්ශන්ට මුලින්ම ලැබිලා තියෙන්නේ කමල් අද්දරආරච්චිගේ පුතා විදිහටලු. ඒ, A9 ටෙලියෙ. ඊට පස්සේ රඟපාන්න ලැබුනෙ මාලනී ෆොන්සේකත් එක්ක ඒ දෙන්නම සුපිරි ගණයේ ලා දැමිය හැකි නළු නිළියෝ .ඉතින් දර්ශන් කියන විදියට දර්ශනට මුලින්ම රඟපාන්න හම්බෙලා තියෙන්නෙ සුපර් ස්ටාර්ලා දෙන්නෙක් එක්කලු. නළුවෙක් උනාම සාමාන්‍යයෙන් ඉතින් ලෝකෙ තියෙන හොඳම ෆිල්ම්ස් බලලා රංග ක්‍රමවේද අරවා මේවා හදාරන එක නළුවෙක්ගෙ තියෙන වැඩනෙ. ඉතිං අනිත් අය වගේ දර්ශන් එහෙම කරනවා ඇති කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි ඉතින් හිතන හැමදේම හරි යන්නෙත් නෑනෙ. ඒ ගැන දර්ශන් නම් කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි
රංගන ක්‍රමවේද අරවා මෙව්වා හදාරන්නේ නෑලු. අඩුම තරමෙන් ෆිල්ම් එකක් වත් බලන්නේ නෑලු. හිතුනොත් එහෙම Tamil film එකක් බලනවාලු. එයාට රකින්න පවුලත් තියෙන හින්දා ඒ ගොල්ලන්ව රකින්න මහන්සි වෙන්න ඕනේ ලු. එක පාරක් වැඩක් හම්බවුණා කියලා ඊට පස්සේ තවත් එකක් බලාගෙන ඒක පස්සේ මහන්සි වෙන්න තරම් දෙයක් තවත් නෑ කියලා තමයි දර්ශන් නම් කියන්නේ.