
Volga Kalpani Exclusive from Starfriends.lk
වොල්ගා (Volga Kalpani) කියන්නේ නව පරපුර නියෝජනය කරන දක්ෂ නිළියක්. ඇය හොඳම නැඟීඑන නිළියට හිමි සම්මානය ද දිනා ගත්තා. ඇය විවාහ වුණේ නව පරපුර නියෝජනය කරන දක්ෂ නළුවකු වූ හර්ෂණ බෙත්මගේ එක්ක. කතාවක් තියෙනවා මේ දෙදෙනා අතරත් යම් විරසකයක් ඇතිවෙලා කියලා. කොහොම වුණත් වොල්ගා මේ දිනවල වෘත්තිය කටයුතු නිසා තරමක් කාර්යබහුලයි. ඇය අපේ ආදරේ, නිරාවරණ සහ සුළඟ මහමෙරක කියන නාට්‍යවල මේ දවස්වල දකින්න ලැබෙනවා.
ඔල්ගා (Volga Kalpani) සාමාන්‍යයෙන් තමන් ආශ්‍රය කරන අයව දැඩි සේ විශ්වාස කරනවාලු. ඒ වගේම ඒ අයට හොඳ කරන්නත් යනවාලු. ඒක ඇගේ මෝඩකමද වෙන මොකක් හරිද කියන්නත් ඇය දන්නේ නැහැලු. වොල්ගා කියන්නේ අවංකව වැඩ කරන සහ සරලව දිවිගෙවන කෙනෙක් බව තමයි ඇය කියන්නේ.
වොල්ගා තමන් සම්බන්ධයෙන් පැතිරෙන කටකතා ගැනද උපේක්ෂාවෙන් සිතන කෙනෙක්. ඇගේ ජීවිතයට හොඳම දේවල් ලැබී ඇති බව ඇය අදත් විශ්වාස කරනවා. හැමදේම සිද්ධ වෙන්නේ උඩින් සිටින කෙනෙක් ලියා ඇති ආකාරයට කියලත් වොල්ගා විශ්වාස කරනවා. ඒ නිසා ලැබීම් වගේම අහිමිවීම් ද ඇති කියලා ඇය හිතනවා. මේ නිසා හිමිවීම් වගේම අහිමීවීම් ද සිදු වන්නේ හොඳටයි කියලා වොල්ගා කල්පනා කරනවාලු. කෙනෙක් මාව නැති කරගන්නවා නම් ඒක ඒ කෙනාගේ අවාසනාව මිසක මගේ අවාසනාව නෙමෙයි. ජීවිතය ගැන උපෙක්ෂාවෙන් බලන ආකාරය ඇය විස්තර කරන්නේ ඒ ආකාරයට
වොල්ගා (Volga Kalpani) කියන්නේ බුදුදහම වගේම ජේසුස් වහන්සේගේ දහම ද විශ්වාස කරන කෙනෙක්. හැමදේම වෙන්නේ හොඳටයි කියලා වොල්ගා තේරුම් අරගන්නේ මේ ආගම දහමේ ආභාසයෙන්. හර්ෂණ සහ ඇය වෙන්වී ඇති බවට පළවන කටකතා සම්බන්ධයෙන් ද පිළිතුරු දෙන වොල්ගා පවසන්නේ ඇය හර්ෂණව අවුරුදු 15ක පමණ කාලයක් තිස්සේ හොඳින් දන්නා හඳුනන බව. හර්ෂණට හොඳ තේරුම් ගැනීමේ ශක්තියක් ඇති බවත් ඇය පවසනවා. රංඟන ශිල්පිනියක ලෙස වොල්ගාට හොඳම නිළිය සම්මානය දිනාගැනීමේ සිහිනයක් තියෙනවා. ඒ සිහිනය යතාර්ථයක් වන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.(හදගැස්ම)
Volga Kalpani Exclusive from Starfriends.lk