Daily News
හේමාල් Act කරපු ලක්ෂ පනස් පහේ සිංදුව…

ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය සිනමාවක් තමයි බොලිවුඩ් සිනමාව කියලා කියන්නේ. ඒක අද ඊයේ ලංකාවේ මිනිස්සු අතර ජනප්‍රිය වෙච්ච දෙයක් නෙවෙයි. මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඉඳලම හින්දි සිනමාව ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණා. මේ දේවල් අතරෙන් අපේ අයගේ වැඩියෙන්ම හිත ගත්ත එකක් තමයි හින්දි film වල තියෙන සින්දු. සමහර වෙලාවට ඉතින් ගණන් හදලා බැලුවොත් එහෙම මේ සින්දු වලට කරලා තියෙන වියදමින් ලංකාවේ සම්පුර්ණ ෆිල්ම් එකක්ම කරන්න පුළුවන්. ඒ තරමටම ඉන්දියන් ෆිල්ම් වල තියෙන සින්දු වලට ඒ ගොල්ලො වියදම් කරනවා. ඒත් ඉතින් දැන් දැන් ලංකාවේ කියලත් වෙනසක් නෑ. ඔන්න දැන් ලංකාවෙ ෆිල්ම්වල සින්දු වලටත් ඒ වගේම වියදම් කරන්න පටන් අරන් තියෙන්නෙ. ආරංචි වෙලා නැත්තං ඉතින් මේ ගැනත් පොඩ්ඩක් බලන්නකො.
මේ ෆිල්ම් එකේ main characters විදියට ඉන්නේ හේමාල්, පූජා උමාශංකර්, ශේෂාද්‍රී, උද්ධික. ඉතිං කොහොම හරි මේ සිංදුව කරලා තියෙන්නේ රතුපාට ත්‍රී වීල් එකසිය එකක් එක පෙළට තියලා හිතාගන්නත් බැරි production එකක් විදියට. මේ සිංදුව කොළඹ පුරා දවස් හතරක් විතර ෂූට් කරලා තියෙනවා. හේමාල්, පූජා act කරන මේ ෆිල්ම් එකට නම තියලා තියෙන්නේ “ආදරේට ආදරෙන්” කියලා. ෆිල්ම් එකේ dancing director වගේම camera director වැඩේට එකතු වෙලා තියෙන්නෙ ඉන්දියාවෙන්. කොහොමහරි නිකමටවත් හිතන්න පුළුවන්ද කියලා බලන්නකෝ මේ සින්දුවට වියදම්වෙච්ච ගාන කොයි වගේද කියලා. ඒත් ඉතින් එහෙම කිව්වා කියලා කොහොම හිතන්නද නේද. හේමාල් act කරපු බාචි සුසාන් ගායනා කරපු මේ සින්දුවෙ ෂූට් එකට විතරක් රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් වියදම් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම හරි කමක් නෑ බලමුකො ඉතින් නේද සින්දුව කොහොමද කියලා…නේද?…