
සාරංග විජේරත්න කියන්නේ මේ වනවිට ලංකාවේ අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකම ප්‍රධාන චරිත රඟපාන ප්‍රවීණයෙක්. සාරංගට මේ ෆීල්ඩ් එකේ හොඳ නමක් තියෙනවා. ඔහු සිනමාව, පුංචි තිරය වගේම වේදිකාවත් ජයගත්ත රංඟන ශිල්පියෙක්.
හේමාල්ගේ ගමන සාරංගට වඩා වෙනස් හැඩයක් ගන්නවා. ඔහු ටෙලි නාට්‍ය කලාවෙන් රංඟනයට අවතීර්ණ වුණත් සිනමාව ළඟ නතර වෙන කෙනෙක්. හේමාල් රණසිංහ කියන්නේ කඩවසම් දේහදාරියෙක්. නූතන සිහින කුමරා කිව්වත් වරදක් නැති තරම්. සාරංගට ආදරය කරන පිරිසක් වගේම හේමාල්ට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. ආශාවරී තැනෙන්නේ මේ දෙපිරිසගේම ආශාවන් සන්තෘප්ත කරන්න.
අශාවරී කියන්නේ තේජා ඉද්දමල්ගොඩගේ කුළුඳුල් සිනමා නිර්මාණය. පසුගිය දවසක මෙහි මුහුරත් උලෙළ පැවැත්වුණා.
හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර, ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, සේමිණී ඉද්දමල්ගොඩ, ජයනි සේනානායක, ඇතුළු ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංඟනයෙන් දායක වනවා.
ආශාවරීහී පසුබිම් ගායනයට නිරෝෂා විරාජිනී, සුරේන්ද්‍ර පෙරේරා, කුෂාණි සඳරේඛා සහ සංඛ දිනෙත් එකතු වී සිටින අතර මෙහි සංගීත නිර්මාණය සුරේශ් මාලියද්දගේ. ඉදිරියේ දිනක ඔයාලට ආශාවරී දැක බලාගන්න ලැබේවී.