
හේමාල් රණසිංහ කියන්නේ වර්තමාන සිනමාවේ සිහින කුමාරයා කිවුවොත් හරි. පසුගිය කාලයේ තිරගත වුණ සිනමාපට කිහිපයක් නිසා හේමාල් බොහොම ජනප්‍රිය වුනා. ඔහුගේ හැකියාවත්, කැපවීමත්, රූපයත් නිසා තමයි ඔහු හරිම ඉක්මනට රසික ආදරය දිනාගත්තේ.
මේ වෙනකොට පොඩි කසුකුසුවක් යන්නෙ හේමාල් රංගනයෙන් අයින් වෙලා වෙන ජොබ් එකක් හොයාගෙන කියලා. ඉතින් අපි පොඩ්ඩක් හොයලා බැලුවා මේ ගැන. වෙලා තියෙන්නේ මෙන්න මේකයි. හේමාල් පීපල් ලිසිං සමාගමේ ප්‍රචාරණ කටයුතු සදහා එම සමාගමේ සමාගම් වෙළදනාම ප්‍රවර්ධන සහකාර විදියට සම්බන්ධ කරගෙනලු. ඔහු රංගනයෙන් ඉවත්වෙලා නැහැ.
පසුගිය කාලයේ ඔහු හොඳම සහ ජනප්‍රිය නළුවා ලෙස සම්මාන හිමිකර ගැනිමත් සමඟ මේ අවස්ථාව ලැබුනා කියල තමයි හේමාල් කියන්නේ. ඒ වගේම මෙහෙම අවස්ථාවක් ඔහුට ලැබුණ පළමු අවස්ථාව කියලා තමයි හේමාල් කියන්නේ. ඉතින් අපිත් හේමාල්ට සුබ පතනවා ඔහුට ලැබුණ මේ අවස්ථාවට.