
Hemal Sachindra Exclusive from Starfriends.lk
සාර්ථක මෙන්ම ස්ථාවර රංඟන ශිල්පියකු වූ හේමාල් (Hemal Sachindra) ගුරු වෘත්තියට පිවිසෙන්න තීරණය කරලා තියෙනවා. වෘත්තීන් අතර උතුම්ම වෘත්තිය සේ සැළකෙන ගුරු වෘත්තියට හේමාල්ගේ සම්ප්‍රාප්තිය අගය කරනවා. ඒත් හේමාල් ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි?
ඒ තීරණය ඇත්තටම ගත්තේ හේමාල් නෙමෙයි. පාලිත පෙරේරා කියන අධ්‍යක්ෂකරයා තමයි හේමාල්ව ගුරුවරයකු බවට පත් කරන්නේ.
ඉතාම දුෂ්කර ගම්මානයක ඉස්කෝලේ මහත්තයෙක් වෙලා හේමාල් ඒ ගමට යනවා. පුංචි දරුවන්ගේ අව්‍යාජ හිනාව අස්සේ හේමාල්ගේ ගුරු ජීවිතයේ සැනසිලිදායකම හෝරා කිහිපය ගෙවී යනවා. හැම ඉස්කෝලෙකම ඒ ඉස්කෝලෙත් එක එක ජාතිය පාට පාට ගුරුවරු ඉන්නවා. පාට පාට ළමයි ඉන්නවා. සුන්දරත්වය කඩාහැලෙන පරිසරයක අකුරක වටිනාකම හරි හැටි අවබෝධ නොවුණ ගැමි ජීවිත අස්සේ හේමාල් ගෙවන ගුරු ජීවිතය හරිම සුන්දරයි. ඔහුගේ සම්ප්‍රාප්තියත් සමඟ කුමකින් කුමක් සිදුවේවිද?
තාල කියන්නේ හරිම අපූරු සිනමා වෘත්තාන්තයක්. පාලිත පෙරේරා ඒ අපූරු සිනමා කෘතිය සඳහා වැයවන බරපැන දරාසිටිනවා. හේමාල් රණසිංහ, කලණි දොඩංතැන්න, ජයලත් මනෝරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, ගිරිරාජ් කෞෂල්‍ය, චමිකා පීරිස්, විල්සන් ගුණවර්ධන, චාන්දනී සෙනෙවිරත්න ඇතුළු දක්ෂ නළු නිළි පිරිස රඟපාන තාල චිත්‍රපටයට කුඩා දරුවන් විශාල පිරිසක් ද සම්බන්ධ වී සිටිනවා.
මෙහි අපූරු කැමරා ඇස චින්තක සෝමකීර්තිගේ. සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර ගේ. මිහිරි නාද සංකලනය චින්තක ජයකොඩිගේ.
සිනමා නළුවකු ලෙස දිගු ගමනක් යන්න අදහස් කරගෙන සිටින හේමාල් රණසිංහගේ වෙනස් රංඟනයක් තාල තුළින් දක්නට ලැබෙනවා. ළඟදීප eap මණ්ඩලයේ සිනමා ශාලාවල තාල තිරගතවන බවත් දැනගන්න ලැබෙනවා.
Hemal Sachindra Exclusive from Starfriends.lk