
ලංකාවේ දැනට සිටින සිනමා තරුව කවුද කියලා ඇහුවොත් ඔයාලා හුඟ දෙනෙක් කියන්නේ ඒ හේමාල් රණසිංහ කියලා. ස්ටාර් වැල්යු (star value) එක හොඳටම මේන්ටේන් කරන සිනමා නළුවෙක් සිටිනවා නම් ඔහුත් හේමාල්ම තමයි. හේමාල් තමන්ව නිතර නිතර දැකලා රසික ජනතාවට එපා වන තරමට නිර්මාණ භාර ගන්නේ නැහැ. එක දිගට වෙළෙඳ දැන්වීම් භාර ගන්නෙත් නැහැ. සිනමා නිර්මාණ වුණත් භාර ගන්නේ අවුරුද්දකට එකක් විතර.
මේ නිසා හේමාල් කියන්නේ තාමත් අපේ රටේ සිනමා ලෝලීන්ට පට්ට තරුවක්. සුපර් හීරෝ කෙනෙක්. විශේෂයෙන්ම පාසල් වයසේ තරුණ තරුණියන් හේමාල්ට දැඩි සේ ඇලුම් කරනවා.
ඉතින් බොහෝ දෙනෙක්ගේ වීරයෙක් වුණ හේමාල්ට ඔහුගේ ජීවිතයේ වීරයෙක්ව මුණගැහෙනවා. හේමාල් මේ මුණගැසීම නිසා කොයිතරම් විස්මයටත් සතුටටත් පත් වුණා ද කියනවා නම් ඔහුත් එක්ක එකට වාඩි වෙලා ෆෝටෝ එකක් අරගෙන ඒක අන්තර්ජාලයටත් මුදා හරිනවා. නිකම්ම නෙමෙයි වීරයා ගැන පොඩි සටහනකුත් එක්ක.
හේමාල්ට මුණගැහුණ මේ වීරයා තමයි විකට් කූරුවලට පිටුපස සිට තරග දිනවූ රොමේෂ් කලුවිතාරණ. හේමාල් කියන විදියට නම් රොමේෂ් කලුවිතාරණලා ඉන්නේ ලංකාවටම එක්කෙනයි. ඔහු අයිති වෙන්නේ ශ්රී ලංකා ක්රිකට් පුරාවෘතයකට. කලූගේ මුණගැසීම ඒ ලස්සන දවස් ආයෙත් සිහිපත් කළා කියලත් හේමාල් කියනවා. කලූ අසලින් හිඳගන්නට ලැබීම ගෞරවයක් කියලත් අවසාන වශයෙන් හේමාල් සිය පින්තූර සටහනට එකතු කරනවා.