
මේ දවස්වල හේමාල් ඉන්නේ දියතලාවේ. දියතලාව කියන්නේ ලංකාවේ තියෙන සුන්දරම ප්රදේශයක්. මීදුම කඩා හැලෙන පරිසරයේ හේමාල් ඇතුළු කණ්ඩායම මොනවද මේ කරන්නේ?
දියතලාව විතරක් නෙමෙයි, ඔහිය පැත්තෙත් මේ අය යනවා. ඔහිය තරම් සුන්දර පළාතක් ලංකාවේ තව තියෙනවද? ඉතාම දුෂකර මෙන්ම ඉතාම සුන්දර පරිසරයක්. ඔහිය ස්ටේෂන් එක ලංකාවේ සුන්දරම ස්ටේෂන් එක කියලත් කියනවානේ.
හේමාල්ට මේ සුන්දර සංචාරය හිමි වන්නේ රූගත කිරීමක් නිසා. ආශාවරී කණ්ඩායම තමයි මේ විදියට සීතල දියතලාවේ සුන්දරත්වය අත් විඳින්නේ.
හේමාල් ඔහුගේ මුහුණු පොතට වගේම ඉන්ස්ටර්ග්රෑම් ගිණුමටත් මේ සංචාරය අතරතුර ගත්ත ලස්සනම ලස්සන ඡායාරූප එකතු කරනවා.
දුම්රිය උමගක් සහිත රේල් පාරක හරි මැද ඉඳගෙන හේමාල් අහස් උසට පනින ආකාරය තමයි එහෙම එකතු කරපු ඡායාරූපයක සටහන්ව තිබුණේ. ඒ අවස්ථාව අපූරුවට කැමරාවට කැප්චර් කරගෙනත් තිබුණා.
ආශාවරී කියන්නේ මේ දවස්වල රූගත කෙරෙන සිනමා නිර්මාණයක්. මෙහි කැමරා ඇස රුවන් කොස්තාගේ කියලා එහෙන් මෙහෙන් දැන ගන්න ලැබුණා. මේ ගැන වැඩි විස්තර අපි ඉදිරියෙදි කතාබහ කරමු.
ආශාවරී ෆිල්ම් එකේ හේමාල් නිරූපණය කරන්නේ බොක්සිම් ක්රීඩකයකුගේ චරිතයක්ලු. හේමාල් ඉතාම සාර්ථක බොක්සිම් කික් එකක් ගන්න ඡායාරූපයකුත් අපිට දකින්න ලැබුණා. ආශාවරී ගැන තව විස්තර අපි ඉදිරියේදී කතා කරමු.