
හේමාල් ඉතිං සිනමාවට එනකොට එන්නේ සෑහෙන ආකර්ශණයක් එක්කනේ. මොකද හේමාල්ගේ වැඩ හැම තිස්සෙම දකින්න ලැබෙන්නේ නැහැ. නිතර දකින කුකුලගේ කරමළේ සුදු පාටට පේන නිසාද කොහෙද හේමාල් නිර්මාණයක් භාරගන්නේ හොඳට කල්බලලා. අනිත් එක හේමාල් ටෙලිනාට්‍ය කලාවට එන්නෙත් නැහැනේ. මේ නිසා හේමාල්ගේ ෆිල්ම් එකක් එනවා කිව්වම ඒකෙ මොකක්දෝ ආකර්ශණයක් තියෙනවා.
මෙදාපාර හේමාල් කලඑළි බහින්නේ ලව්ස්ටෝරිය කියන්න. ඒක සාමාන්‍ය සරල ආදර කතාවක්ම වෙන්න බැහැ. මොකද දන්නවද එහෙම හිතුනෙ? මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන. මීට කලින් අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරපු නිකිණි වැස්ස චිත්‍රපටය සම්මාන පිට සම්මාන දිනාගත්තා. ඒ නිසා ඔහුගේ අලුත්ම සිනමා පටයත් වෙනස් මානයකට ප්‍රේක්ෂකයාව රැගෙන යාවි කියලා අපි හිතනවා.
චිත්‍රපටයේ නම “1970 ලව්ස්ටෝරි” ඒ කියන්නේ හැත්තෑව දශකයේ ආදර කතාවකට නෑකම් කියන එකක්ලු. ආදරය විරහව වගේම ඛේදය, භීතිය කුතුහලය ආදී සෑම රසයක්ම ලව්ස්ටෝරි තුළ අන්තර්ගත වෙනවා කියලත් දැනගන්න ලැබුණා.
හේමාල් රණසිංහ, ගම්යා විජේදාස, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, සරත් කොතලාවල, සඳනි ප්‍රනාන්දු, සමන් හේමරත්න ඇතුළු ශිල්පීන් රැසක් මෙහි චරිත නිරූපණය කරනවා. ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයකු වන චන්න දේශප්‍රියගේ කැමරා ඇස, ලව්ස්ටෝරි වෙත යොමු වී ඇතිබවත් දැනගන්න ලැබුණා. කලා අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ප්‍රේමරත්න. සංගීතය තිළිණ රුහුණගේ.
70 දශකයේ මුල් භාගයේ ප්‍රේමවන්තයින් දෙදෙනෙක් අතරට ආපු තුන්වැන්නෙක් නිසා ඔවුන්ගේ කතාව ඛේදාන්තයක් බවට පත් වෙනවා. ඊට වසර 40ට පස්සේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඒ කතාව එම ස්ථානයේදීම රූගත කරනවා. පැරණි බංගලාවේ අඳුරු අහුමුළු අතර සැරිසරන ගුප්ත බලවේග එක්ක කතාව ඉදිරියට ගලා යනවා. වසර හතලිහකට කලින් වෙඩි වැදී මියගිය කාන්තාව ඒ බංගලාවේ සැරිසරමින් චිත්‍රපට කණ්ඩායමට කොයි වගේ බලපෑමක් කරාවිද? ලව්ස්ටෝරිය එක්ක සම්බන්ධ වෙන්න සිදුවන්නේ ඒ කුතුහලයත් එක්ක.
මේ අපූරු සිනමා නිර්මාණය ළඟදීම තිරගත වීමට නියමිත බවත් අපිට දැනගන්න ලැබුණා.