Daily News
Trending

හීල් එක හිරකරගත්ත අමිලා නදීශානි




අමිලා නදීශානි කියන්නෙ අපිට ඉන්න දක්ශ කටහඬක් තියන ගායන ශිල්පිනියක්.අමිලා ගායන ක්ශේත්‍රයට පිවිසෙන්නෙ සිරස Super Star තරඟයේ දෙවනි අදියරේ තුන්වන ස්ථනය ලබා ගනිමින්.ඇගේ කටහඬ වඩාත් ගැලපෙන්නෙ සිනමාවට කියලයි බොහෝ දෙනෙක්ගෙ මතය වෙන්නෙ.70/80 දශකයේ කලා කෙත හැඩකල ඇන්ජලීන් ගුනතිලක , ලතා වල්පොල වගේ දක්ශ ගායිකාවන්ගෙ ගීත ගායනයෙන් තම ගමන පටන් ගත්ත අමිලා පසු කාලයේ ඇගේම ගීත හරහා ප්‍රේක්ශක ආදරය ලබන්න සමත් වුනා.ඒ වගේමයි අමිලා නදීශානි කියන්නෙ ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායන ශිල්පිනියක්.අමිලා නදීශානි නැති ප්‍රසංග වේදිකාවක් හොයාගන්නවත් නැති වෙන තරමට අමිලා ජනප්‍රිය උනා.ඇයට මේ විදිහට ප්‍රසංග වේදිකාවෙ අසීමිත ආදරයක් ලැබෙන්න හේතුවක් තමයි ඇය නටලා , දඟලලා ගීත ගායනා කිරීම.ඉතින් අමිලා දවසක් මෙහෙම ප්‍රසංග වේදිකාවක නටමින් ගීත ගායනය කරද්දි ඇගේ සපත්තුවක් වේදිකාවෙ ලෑලි අතර හිරවෙලා. මේ කියන දවසෙ අමිලා පැළඳගෙන ඉදලා තියෙන්නෙ ටිකක් දිග හීල් එකක් තියන සපත්තු කූට්ටමක්.වේදිකාවෙ ලෑලි හිඩැස් අතරෙ හිරවුනු සපත්තුව ප්‍රේක්ශකයන්ට නොදැන්න ගලවගන්න උත්සහ කලත් වැඩේ සාර්තක උනේ නැති නිසා. ප්‍රේක්ශකයන්ට අපහසුව නොපෙන්වා කහොමහරි ගීතය ගායනා කලාලු. ගීතය ඉවර වෙලත් බොහොම අමාරුවෙන් තමයි සපත්තුව ලෑලි අතරින් ගලවගෙන තියෙන්නෙ.අමිලා නදීශානිට මේ සිද්දිය නම් ජීවිතයට අමතක වෙන එකක් නෑ.මොනා උනත් දක්ශ ගායන ශිල්පිනියක් වන අමිලා නදිශානිගේ අලුත් ලස්සන නිර්මාන බලාපොරොත්තුවෙන් ඉන්න අපි ඇගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close