GossipsHollywood & Bollywood
Trending

හිසට මිලක් නියමවූ ඝාතකයා. John Wick: Chapter 3 – Parabellum

John Wick: Chapter 3 – Parabellum Movie




John Wick: Chapter 3 – Parabellum Movie Exclusive from Starfriends.lk

කිසිම කෙනෙකුට කිසිම වෙලාවක මනුෂ්‍ය ඝාතන සිද්ධ කරන්න නම් මේ ලෝකෙ කොහෙවත් ඉඩක් නැහැ. ඒක තමයි ලෝක නීතිය. ඒත් ඉතින් නීතියේ සිදුරැ හදාගෙන මිනිස්සු තමන්ට ඕන දේ කරන්න තමයි try කරන්නේ. මේ ලෝකෙ එක එක විදියේ චරිත ඉන්නවා. ඒ චරිත මොන වගේද කියලා කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි වෙන්නේ එහෙ හැරිලා මෙහෙ බලද්දි තත්වේ වෙනස් වෙලා තියෙන හින්දයි. මුලින් කිව්ව වගේ මිනීමරන්න නම් කිසිම කෙනෙක්ට අයිතියක් නැ. ඒත් මේ ලෝකෙ මිනීනොමරන මිනිස්සු ඇත්තෙත් නෑ. ඒක තමයි ඇත්ත කතාව. සමහරැ තමන්ගේ ජීවත්වීම වෙනුවෙන් අනුන්ගෙන් ජීවිත උදුරගන්න වෙලාවන් ඹ්න තරම් තියෙනවා. හොඳින් නැත්තන් නරකින් ඒ ගොල්ලො ඒක කරනවම තමයි. ඉතින් කොහොමද හිතන්නකො කුලියට මිනීමරණ මිනිස්සු ගැන ෆිල්ම් එකක් බලන්න තියෙනව නම් මොන වගේ ෆීල් එකක් හිතට දැනෙයිද කියලා. ඉතින් අපි මේ කියන්න හදන්නෙත් ඒ වගේ ෆිල්ම් එකක් ගැන කතාවක්. හැබැයි මේ එකම ෆිල්ම් එක නෙවෙයි. මීට ඉස්සර වෙලා මේ ෆිල්ම් එකෙන් ෆිල්ම් දෙකක්ම කරලා තියෙනවා. ෆිල්ම් එක තමයි john wick. මේකෙ main character තමයි ජෝන්. ජෝන්ගෙ රස්සාවත් කුලියට මිනීමරණ එක. කතාවක් තියෙනවනේ ඕනම දරැණු මිනිහෙක්ගේ හිත කාන්තාවක් ඉස්සරහ පොඩ්ඩක් කලබල වෙනව කියලා. මේකෙ අවසානේ උනේ ජෝන් මේ හැමදෙයකින්ම ඈත්වෙන්න තීරණය කරපු එක. මේ කාලෙදිම වගේ තමයි ජෝන්ගේ බිරිඳ මිය යන්නේ. ඒත් එක්කම යලිත් ජෝන් තමන්ගේ සුපුරුදු සෙල්ලමට ආයෙමත් එකතුවෙනවා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි ජෝන්ගෙ බිරිඳ තෑගිකරපු කාර් එක ලෝසන් කියල කියන දාමරිකයා හොරකම්කරගෙන යන එකත් එක්කයි. ඊට පස්සේ ජෝන් දුවන්නෙ ලෝසන් පස්සේ. මේ හේතුව නිසා ලෝසන්ගෙ තාත්තා ජෝන්ගෙ හිසට මිලක් නියම කරනවා.

අන්න එහෙමයි 2014 release වුණු john wick ෆිල්ම් එකේ කතාව දිගහැරෙන්නේ. ඒකෙ දෙවෙනි කතාව john wick chapter2. 2017අවුරැද්ද වෙනකොට release වෙන මේ film එකේදි සිද්ධවෙන්නේ ජෝන් වික්ව ඝාතනය කරන්න ලෝකයේ ඉන්න දරැණුම මිනීමරැවන්ට අරාධනා කරන එකත් එක්කයි. මේ film තුනම direct කරන්නෙ Chad Stahelski.

John wick- chapter3 තුන්වෙනි ෆිල්ම් එක රිලිස් වුනේ දැනට සති කීපයකට ඉස්සෙල්ලා. හැමදාමත් මේ film තුනටම john චරිතය කලේ Keanu Reeves. ඒ එක්කම සම්බන්ධ වුණු අනිත් cast එක තමයි Halle Berry, Ian McShane, Asia Kate Dillon, Mark Dacascos, Laurence Fishburne. කොහොම වුණත් american film copation එක මේ film එක අවුරුදු 17 අඩු ළමයින්ට භාරකරුවකු නැතිව නැරඹීය නොහැකි film එකක්ය කියලා නම් කරලා තියෙනවා.

John Wick: Chapter 3 – Parabellum Movie Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close