Daily News
Trending

හිමාලිගේ හීනවල ඉන්න අලුත් කෙනා කවුද….




සංගීත ප්‍රසංග වේදීකාවට වෙනස් නර්තන ශෛලයක් රැගෙන ආපු වෙනස් නර්තන කන්ඩායමක් විදියට සෙන්සේශන් නර්තන කන්ඩායම හදුන්වන්න පුලුවන්. හිමාලි සිරිවර්ධන රටක් හදුන ගන්නෙ මේ නර්තන කන්ඩායම නිසා. ඊටත් පස්සේ අපි ඇයව හදුනගන්නෙ ටෙලිනාට්‍යය සහ සිනමාවෙන්. බොහෝ දෙනෙක් ආදරය කල මේ හිමාලිගේ ජිවිතේ ලොකු වෙනසක් වෙලා තියෙනවලු.

හිමාලි හා හා පුරා කියලා අම්ම කෙනෙක් උනෙ පසුගිය දිනක. ඇය විවාහ වෙලා වසර 11කට පස්සේ තමයි මවි පදවිය ලැබන්නෙ. ඉතින් මාසයක් තරම් බිලිදු පුතා තමයිලු දැන් හිමාලිගේ මුලු ජීවිතේම වෙලා තියෙන්නෙ. මේක කියගන්න බැරි සතුටක් වගේම පුතා එක්ක ඉන්නකොට දවස් ගෙවෙනවා වත් තෙරෙන්නෙ නැතිලු. හිමාලි කියන විදියට ඇගේ හැම හීනෙකම ඉන්නෙ දැන් මේ පුංචි පුතාලු.

Tags
Show More
Close