Daily News
Trending

හිමායා ඇයි ඔයා ඔච්චර මෝඩ? සුලේඛා හිමායාට කියපු කතාව.

Himaya Bandara & Suleka Jayawardena




Himaya Bandara & Suleka Jayawardena Exclusive from Starfiends.lk

Suleka Jayawardena

සුලේඛා ජයවර්ධන (Suleka Jayawardena) සහ හිමායා බණ්ඩාර (Himaya Bandara) කියන්නේ රංඟන ශිල්පිනියන්. මේ දෙන්නා කාලෙකට ඉස්සර හොඳ යාළුවෝ. දැනුත් යාළුකම එහෙමම තිබුණාට දෙන්නාට දෙන්නා දුරස්.

දේදුන්නයි ආදරේ ටෙලිනාට්‍යයෙන් තමයි හිමායා සහ සුලේඛා මුණගැහෙන්නේ. ඊට පස්සේ ඒ දැනහැඳුනුම්කම ගැඹුරු මිත්‍රත්වයක් බවටත් පරිවර්තනය වෙනවා.

හිමායා ඒ යාළුකම ගැන ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා. දෙදෙනාගේම ප්‍රශ්නවලදී කවුරුවත්ම තනි නොකරන යාළුකමක් එයාලා අතරේ තිබුණා.

Himaya Bandara

හිමායා කියන විදියට සුලේඛාගේ තිබුණ ලොකුම දුර්වලකම තමයි හිටිගමන් අතුරුදහන් වෙන එක. හිමායාටවත් හොයාගන්න බැරි විදියට සුලේඛා හිටිගමන් අතුරුදහන් වෙනවාලු. ඒ කොහොම වුණත් මතු භවයක සුලේඛා සහෝදරියක් වෙලා උපදිනවාට තමයි හිමායා කැමැති.

සුලේඛා නිතරම හිමායාට කියන කතාවක් තියෙනවා. ” හිමායා ඇයි ඔයා ඔච්චර මෝඩ” සුලේඛා මෙහෙම අහන්නේ හිමායා හිත හොඳ වැඩිකමට ප්‍රශ්න දාගන්න නිසාලු.

දැන් හිමායාට සුලේඛාව මුණගැහෙන්නේ නැහැ. හැබැයි ඉතින් හිමායාගේ හිතේ සුලේඛා ගැන තියෙන ආදරය නම් චුට්ටක්වත් අඩු නැහැ. ඉන්න තැනක සුලේඛාව සතුටින් තියන්න කියලා තමයි හිමායා දෙවියන්ගෙන් ඉල්ලන්නේ.

Himaya Bandara & Suleka Jayawardena Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close