Daily News
Trending

හැමදේම තීන්දුයි. මොකක්ද අඛිලගේ හදිසිය?

Akila Dhanuddara




Akila Dhanuddara Exclusive from Starfriends.lk

ජැක්සන් ෆැමිලි එකේ මහා විවාහ මංගල්‍යය ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්. දරුවෝ තුන්දෙනාවම එකම දවසේ ආවාහ විවාහ කරලා දීලා ඒ වගකීමෙනුත් නිදහස් වෙන්න කුමාරියි ජැක්සනුයි තීන්දු කළේ කාලෙකට ඉහතදී.

විවාහ මංගල්‍යයට අවශ්‍ය කළමනා සියල්ල මේ දවස්වල බොහොම පිළිවෙලට සූදානම් වෙනවා. ඒ අතරේ බ්‍රයිඩ් ටු බී පාර්ටිත් ඕගනයිස් වෙනවා. සම්ප්‍රදායයි නවීකරණයයි එකට මුහු වුණ පංකාදු මංගල්‍යයක් නුදුරු දිනෙක අපිට දැකබලාගන්න ලැබෙනවා.

හරියටම කියනවා නම් දැන් විවාහ මංගල්‍යය කට ළඟටම ඇවිල්ලා තියෙන්නේ. සියල්ල සම්පූර්ණ වෙන්න ඔහොම මෙහෙම තියෙද්දි අඛිලට (Akila Dhanuddara) ඒ දවස් දෙක තුනවත් ඉවසගන්න බැරි බවක් පේනවා.

අඛිල (Akila Dhanuddara) මීට වසර දෙකකට විතර කලින් සම්ප්‍රදායානුකූලව තමන්ගේ මනාලියගේ නිවසට යනවා. එහි දී මනාලිය ඔහුට බුලත් අතක් දීලා වැඳලා එම චාරිත්‍රය සම්පූර්ණ කරනවා. අඛිල විවාහය සිදුවෙනකල් කොයිතරම් නොසන්සුන් ද කියනවා නම් ඒ පරණ සිදුවීම ආයෙත් සිහිපත් කරනවා. ඔහු තමන්ගේ අත ගන්න බලා සිටින ඇයව අමතන්නේ ” මගේ මැණික” කියලා ආදරයෙන්.

මගේ මැණිකව ගෙදර අරගෙන යන්න තව දවස් තුනයි.

අඛිල මෙන්න මේ ආකාරයට සඳහන් කරලා පරණ වීඩියෝ මතකය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරනවා. අඛිලට මැණිකව ගෙදර අරගෙන යන්න තියෙන්නේ සුළුපටු හදිසියක් නෙමෙයි කියලා ඒ පෝස්ට් එක දකින ඕනම කෙනෙක්ට තේරුම් යනවා.

Akila Dhanuddara Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close