Daily NewsGossipsHollywood & Bollywood

හසන්ගේ කැච් එක ඉන්දියාවෙන්…




සාමාන්‍යයෙන්, සාමාන්‍යයෙන් නෙවෙයි කොහොමත් වගේ හැමදාමත් ඉන්දියාවයි පකිස්තානයයි කියන්නේ නිකං නයි මුගටි වගේ තමයි. ඇවිස්සුනොත් බඩුම තමයි. ඒක ඇවිල්ලා කාලාන්තරයක් තිස්සේ වෙන දෙයක්. සිස්ටම් එක හැදිලා තියෙන්නේ එහෙමයි. කොහොම වුණත් පාකිස්තානයේ වෙිග පන්දු යවන්නෙක් තමයි හසන් අලි කියන්නේ. ඒත් හසන්ගෙ බෝල වලටත් වඩා වේගයෙන් මෙන්න මේ ආරංචිය හතර අතේ පැතිරිලා ගියා. ආරංචිය වුණේ හසන් අලි ඉන්දියාවේ කෙල්ලෙක්ව මැරි කරගන්න යනවාය කියලා. කොහොම හරි හසන්ට මේ පෙම්වතිය හම්බ හම්බවෙලා තියෙන්නේ හසන්ගෙ යාලුවෙක්ගෙ පාටියකදි ඩුබායි වලදී. පාකිස්ථානයේ පත්තර වල කියවෙන විදියට නම් මේ මාසේ විසි වනදා දෙන්නගෙ වෙඩින් එක ඩුබායි වලදී තියෙනවලු. ඒක එහෙම වුණත් හසන්ගෙ වෙඩින් එක තියෙන දවස දන්නෙ නැත්තෙ හසන් විතරයි. මොකද හසන් කියන්නේ එහෙම සම්බන්ධයක් තිබුනට තවම විවාහ වෙන්න දවසක්වත් තීරණය කරලා නැහැ කියලයි. ප්‍රයිවට් එයාර් ලයින් එකක ජොබ් එක කරන ශාමියා ඉන්දියාවේ හරියානා ප්‍රාන්තෙ වුණත් දැන් පදිංචි වෙලා ඉන්නේ ඩුබායි වලලු.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close