Daily News
හබරණට ආපු ජැකලින්ට ඉන්දියාවෙදි දියමන්ති මාලයක්…

ජැකලින් කියපු ගමන්ම කාගෙ කාගෙත් ඔළුවලට එකපාරම එන්නෙ මෙයා මොනවගේ කෙනෙක්ද කියලා නේද? මොනවා හිතුණත් ඉතින් පට්ට සෙක්සි actress කෙනෙක් කියලානම් අන්තිමටම උත්තරේ එනවා. එහෙම හිතනවටත් වඩා එයා ලංකාවෙ කෙල්ලෙක්නෙ කියලා හිතෙන එකත් ඉතින් කාටවත්ම වලකවන්න බෑ . මොකද මුලින්ම ජැකලින්ම තමයි කියලා තිබ්බෙ එයා ලංකාවෙ කියලා. කොහොම හරි ඔන්න පහුගිය දවසක ලංකාවෙ මිනිස්සු හොල්මන් වෙන සීන් එකක් උනා. මේන්.. ජැකලින් හබරණට ඇවිල්ලා. පොඩ්ඩක් හිතලා බලන්නකො ඉස්සරවෙලා දවසෙ රෑ බලපු හින්දි ෆිල්ම් එකේ නටපු ,දඟලපු , දුවපු ජැකලින් පහුවදා උදේ හබරණදි දකිද්දී අපේ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇතිද කියලා. ආයෙ ඉතින් කියලාවැඩක් නෑ. මල් හතයි… මෙයා ඇවිල්ලා තිබුනෙ යාළුවො සෙට් එකක් එක්ක. මෙහෙමත් කාලෙක එහෙමත් කෙනෙක් ලංකාවට එනවා කියන්නේ ඉතින් ඒකත් ලොකු දෙයක්නෙ.
කොහොම හරි ඔයාලට මතකනෙ පහුගිය දවස්වල Bollywood වල දිගට හරහට Birthday පාටි තිබුණා. ඉතින් ඒ පෝලිමටම තවත් Birthday එකක් ආවා. ඒක ජැකලින්ගෙ. ලේසි නෑ ජැකලින්ටත් දැන් 34ක්. වයස කොහොම වුණත් ඔන්න Birthday එක සමරපු ජැකලින්ට සුපිරි තෑග්ගක් හම්බවෙලා තියෙනවා. ඒක එසේ මෙසේ එකක් නෙවෙයි දියමන්ති වලින් හදපු පෙන්ඩන්ට් එකක් තියෙන මාලයක්. කොහොමද ඒක..දැන් නිකමට වගේ හිතෙනවා නේද මෙයාලගෙ ඇත්ත ජීවිතත් තනිකරම ෆිල්ම් එකක් වගේ නේද කියලා. ඔව් ඉතින් ඒකත් එහෙමම වෙන්න බැරි නෑ. ජැකලින්ට මේ දියමන්ති පෙන්ඩන්ට් එක තියෙන මාලෙ දීලා තියෙන්නේ ලංකාවේ කෙනෙක් නම් නෙවෙයි ඕන් එයාගෙ තාත්තාම තමයි ඒක දීලා තියෙන්නෙත්.