Daily News
Trending

හඳගම, චිත්‍රාල්, ඉන්දිකා එකතුවෙලා මොකක්ද මේ කරන්න යන අලුත් සෙල්ලම ?




අශෝක හඳගම, චිත්‍රාල් සෝමපාල සහ ඉන්දිකා උපමාලි එකට එකතුවෙලා කරන්න යන වෙනස් වැඩක් ගැන අපිට දැන ගන්න ලැබුණා. ඉන්දිකා උපමාලි හුඟක් කාලෙකට පස්සේ තමන්ගේ හඬින් ගීතයක් ගායනය කරන්න යනවා. මේ ගීතය රචනා කරන්නෙ අශෝක හඳගම. සංගීතය චිත්‍රාල් සෝමපාලගේ. මේ ගීතය අපි සාමාන්යයෙන් අහන රසවිඳින ගීතවලට වඩා තරමක වෙනස් අත්දැකීමක්. ඉන්දිකාගේ ගීතයක් කරලියට එන්නෙත් සෑහෙන කාලයකට පස්සේ නිසා ඒ සම්බන්ධයෙන් තියෙන උනන්දුව තවත් වැඩියි. හඳගම මේ ගීතය නම් කරන්නෙ ” මම දෝංකාරයි ” කියලා. ගීතයට පාදක වෙන්නෙ පැරණි ග්රීක කතාවක්. නාසිසස් සහ එකෝ කියන චරිත දෙක ඇසුරෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නෙ. මම දෝංකාරයි ගීතයට වෙනස්ම ආකරයේ මියුසික් වීඩියෝවකුත් නිර්මාණය වෙනවා. ඒකට රංඟනයෙන් සම්බන්ධ වන්නෙ චිත්‍රාල් සහ ඉන්දිකා. මේ මියුසික් වීඩියෝව අගෝස්තු 1 ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී රසික රසිකාවන් අතට පත් කෙරෙනව. මම දෝංකාරයි මියුසික් වීඩියෝව කැමරාකරණය කරන්නෙ චන්න දේශප්රිය. මේ වීඩියෝව අශෝක හඳගමගේ අධ්යක්ෂණයක්. කාලෙකට පස්සෙ දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු නිර්මාණයක් නිසා මම දෝංකාරයි හොඳ වැඩක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනව. ඒ ගැන හරියටම දැනගන්න ලැබෙන්නෙ අගෝස්තු 1ට පස්සෙ…

Tags
Show More
Close