Daily News
Trending

හදිසියේම වෙන්ව යන ඉන්දික ගිනිගේ සහෘද හිතවතාට සෙනෙහසිනි….




ගිනිගෙන දැවෙන
හදවත සැනසුම සොයන
භව ගිම් නිවේවා
අත්වී අම නිවන

ඉන්දික ගිනිගේ අප හඳුනා ගන්නේ පුංචි තිරයට පෑයූ සුන්දර ප්‍රේමවන්තයා ලෙසය. උපතින්ම හිමිව තිබූ ආකර්ශනීය රූප කාය නිසා ඉන්දිකව ඉතා ඉක්මනින් මෙරට තරුණ තරුණියන් ආදරයෙන් වැළඳ ගත්තේය. ඒ නිසා ඉන්දික වැඩි කාලයක් යන්නට මත්තෙන් පුංචි තිරයේ විසේකාර මනමාලයා විය. කාලය ගතව යන්නේ හෙමින් වුණත් ජීවිතය ගතවන්නේ වේගයෙනි. ඒ හැල හැප්පීම් ද එක්කය. දුක දෝමනස්සයන්ද එක්කය. ඉන්දිකටද සිය ජීවිත ගමනේදී මෙකී හැලහැප්පීම් හමු වුණා වන්නට ඇත. ඒවායෙහි දිග පළල දන්නේ ඔහුය. ඒවායෙහි පීඩනය දන්නේද ඔහුය. අප දන්නේ රටක් ආදරය කළ දයාබර සහෘදයකුගේ වෙන්ව යාම පමණි. මහනුවර ධර්මරාජ විද්යාලයේ ආදී ශිෂ්‍යයෙකු වූ ඉන්දික ගිනිගේ රංඟනයට සේම ගායනයට ද සමත්කම් දැක්වූ දක්ෂයෙකු විය. ඔබේ හීන අරන් යන්න මගෙ සිතුවිලි හා නොපෑහෙන ඔබේ පැතුමන් යා නොහැක දුර ඔබේ හීන අරන් යන්න ඉන්දික ගිනිගේ සහෘද රසවතාගේ සජීවී හඬ මාධූර්යය එලෙස අන්තර්ජාලය ඔස්සේ අදත් සැරිසරන්නේය. නමුත් මේ සියල්ල පැවැසූ ඉන්දික ජීවිතය පවා සිහිනයක් කොට තබා අප අතැර ගොසිනි. වඩා වැදගත් වන්නේ අප සමඟ ගෙවූ කෙටි කාලයේදී ඔහු පෑ ලයාන්විත බවයි. ඉදිකගේ රැලේ හිතමිතුරු කැල කෙරෙන් එකී හර්දයාන්ගම ශෝක ප්‍රකාශය පළවී ඇති අයුරු අපි දුටුවෙමු. මිනිසකුගේ වෙන්වීම නිසා කඳුළු උනන්නේ එවැනි මිනිසුන්ගේ ඇස් අගටය. දයාබර ඉන්දික ගිනිගේ සහෘද හිතවත, යා යුතු හදිසි ගමනක් නිසා ඔබ දැන් ගොස්ය. නමුත් යලි ආ යුතුමය. එතෙක් සුබ ගමන්.

Tags
Show More
Close