
සමහරු අත බලාගෙන සාස්තර කිව්වට සමහරුන්ට නං පුළුවන් මූණ බලාගෙනත් සාස්තර කියන්න. ඒත් ඉතින් ඒ දේවල් නොවුනාට තවත් විදියක් තියෙනවා. පැත්තක ඉඳලා තව කෙනෙක් දිහා බලාගෙන ඉඳලා එයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්නත් පුළුවන්. මොකද එක එක චරිත එක එක විදියයිනෙ. පටස් ගාලා කියන්න පුළුවන් ඒ ගොල්ලො හැසිරෙන විදියෙන් ඒගොල්ලෝ මොනවගේද කියලා. සමහර පිරිමි ඉන්නවා කෙල්ලො වගේ. සමහර කෙල්ලො ඉන්නවා පිරිමි වගේ. මෙන්න මේ වගේ අයව වුණත් එකපාර අඳුනගන්න බැරි වෙන්නෑ. හංසිනී දිහා බලන් හිටපු අයට වුණත් හිතෙන්න පුළුවන් අපෝ…. මේ මොන සමයමක්ද කියලා. ඔව්… හැබැයි දැන් නෙවෙයි ඉස්සර.
Hansini Wimalsiri සංගීතේ ටෙලියේ ටීචර් කෙනෙක් විදියට රඟපෑවාට එයාම කියන විදියට ඉස්කෝලේ යන කාලෙනම් රඟපාලා තියෙන්නේ යකෙක්ට සමාන චරිතයක්ලු. කොටින්ම කියනවා නම් ඉස්කෝලේ යන කාලේ හංසිනී කියන්නේ පිරිමි චරිතයක්ලු. ඒක ඉතිං අපි නෙවෙයි කියන්නේ එයාම තමයි. ඉස්කෝලේ යන කාලේ හංසිනිට ෆස්ට් ලව් එකට ප්‍රේම ආරාධනාව ගලාගෙන ආවේ හයේ පන්තියේදී එකම පන්තියේ කොල්ලො දෙන්නෙක්ගෙන්ලු. එක කොල්ලෙක්ට නං අයියා කෙනෙක්ට කියලා බැන්නුවලු. අනිත් කොල්ලට හංසිනිම හොඳ හැටි කියල දුන්නලු. ඒත් ඉතිං වැඩක් නං වෙලා නෑ හයේ පන්තියේ ඉඳලා 11 වසරට වෙනකන්ම මේ දෙන්නා හංසිනී ගේ පස්සෙන් ඇවිත් ඇවිත් හොදට බැනුම් අහගත්තාලු. කොහොමහරි මෙිවගේ සීන් වලදි විතරක් නෙවෙයි අනෙක් දේවල් වලදීත් කාන්තා ලාලිත්‍යයක් නම් පෙන්නුම් කලේම නෑලු. තනිකරම තිබිලා තියෙන්නේ පිරිමි ගති. ඔන්න ඉතින් ඕ ලෙවල් කරන්නත් ආවා කියමුකෝ. ටිකක් දවසක් යද්දි අන්න ඒ මුරන්ඩු ගතිගුණ ටික හෙමීට මාරු වෙලා ගිහිල්ලා තියෙනවා. මුරණ්ඩුමත් නෙවෙයි එව්වා ඉතිං පිරිමි ගතිලු. ඊට පස්සේ ඉතින් කොල්ලො යාලුවෙන්න අහද්දී යකා වගේ කඩා පැන්නේ නෑලු. හෙමිහිට විහිළුවක් දෙකක් කරලා මාරු වෙන්න ට්‍රයි කරාලු. මේ පිරිමි ගති නැතිවුන හින්දමද කොහෙද හංසිනි ලව් එකක් පටන් ගත්තාලු. හැබැයි ඉතින් ඒකත් ඒ ලෙවල් කරලා ඉවර වෙනකොටම නැතිවෙලා යන්න ගියාලු.
කොහොම හරි ඉතින් හොඳ වෙලාවට තමයි හංසිනීගේ මේ පිරිමි ගති ටික චේන්ජ් වෙලා තියෙන්නෙ. නැත්තං ඉතිං කැම්පස් ගිහිල්ලත් මරා ගන්න තමයි වෙන්නේ. ඒ කතාව පැත්තකින් තියන්නකො. ඊට පස්සේ සීන්එක පත්තු වෙන්නේ කසාදයක් කරගන්නකොට. එහෙමත් උනානං ඉතින් බැඳගත්තු කෙනාට වෙන්නේ පෙරළුණු පිට හොඳයි කියලා කියාගෙන ඉන්න තමයි.