Daily Newsඅපේ Social Media
සෝෂල් මීඩියා කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධයක් – රජිත හිරාන් කියපු සැර කතාව…

මේ ලෝකෙ වැරදියට දීපු තුනක් තියෙනවා. 1- වාහන, 2- සෝෂල් මිඩියා, 3- රූපවාහිනිය. මේ තුනම අපේ මිනිස්සු පාවිච්චි කරන්නෙ පාවිච්චි කරන්න ඕනෙ විදිය හරියට නොදැන.
මෙහෙම කියන්නෙ පිංපොං හෙවත් රජිත හිරාන්. රජිතට අනුව සෝෂල් මීඩියා කියන්නෙ හරියට දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ ලු. මේ මාධ්යය මොළේ තියෙන අය වගේම නැති අයත් භාවිත කරනවනෙ. ඉතිං සමහරු මේකෙ තියෙන බරපතලකම නොදැන පාවිච්චි කරන්න ගිහිං නොහිතන විදියට කැපිලා යනවා කියලා තමයි රජිත කියන්නෙ.
අපේ මිනිස්සුන්ට තාක්ෂණය සහ භාණ්ඩ දීලා තිබුණාට ඒවා පාවිච්චි කරන මොළේ දීලා නැහැලු. ඒ නිසා ලංකාවේ ගොඩක් අය සෝෂල් මීඩියා භාවිතා කරන්නෙ වැරදියට කියලා තමයි රජිත කියන්නෙ. රිලවුන්ට දැලි පිහිය අහුවුණා වගේ සෝෂල් මිඩියා පාවිච්චි කරන අය තමයි අපේ රටේ වැඩිපුරම ඉන්නෙ කියලත් රජිත කියනවා.