Daily News
Trending

සෙනාලි, විශේෂ කෙනෙක් නිසා නිර්මාණ තෝරා ගනිද්දී පරෙස්සම් වෙනවලු – Photos




සෙනාලි ෆොන්සේකාව සිනමාවට රැගෙන එන්නේ සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යන දෙදෙනා විසින් කියලා හුඟ දෙනෙක් දන්නවානේ.

සිනමාවට සමීප පවුලකින් පැවැත ආවත් සෙනාලිට ඒ වරම උදාවන්නේ අහම්බයෙන්. කෙසේ වුවත් සිරි පැරකුම් චිත්‍රපටයෙන් පස්සේ සෙනාලිට හොඳ කලක් උදා වුණා. ඇය දැන් ජනප්‍රිය නිළියක්. ටෙලිනාට්‍ය කලාවටත් ඇගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. ඒ අනුව ඇය මතක හිටින චරිත නිරූපණය කළා.

හැබැයි සෙනාලි සෑහෙන තෝරා බේරා ගැනීමක් එක්ක තමයි මේ ගමන යන්නේ. විශේෂයෙන්ම සිනමා නිර්මාණයක් භාර ගනිද්දී නම් සෑහෙන හිතලා බලනවාලු.

ඒ ඇයි දන්නවද? සෝමරත්න දිසානායක මහත්මයාට සහ රේණුකා බාලසූරිය මහත්මියට “අයියෝ…. අපි සිනමාවට හඳුන්වා දුන්න කෙල්ල මොනවද මේ රඟපාන චිත්‍රපට” කියලා හිතෙන්නේ නැති වෙන්න ඕනේ නිසාලුනේ. ඒ කියන්නේ සෙනාලි හොඳ නිර්මාණ තෝර බේර ගන්නේ ඒ දෙන්නගේ ජාමේ බේරන්නත් එක්ක.

ඉතින් සෙනාලි, මේ දිනවල සුනිල් ආරියරත්නයන්ගේ විජයබාකොල්ලය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්න සූදානම් වෙනවා. එය ඇගේ සිනමා දිවියේ සුවිශේෂී කඩයිමක් වන බවට සැක නැහැ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close