GossipsHollywood & Bollywood
Trending

සෝනක්ෂිගේ අලුත් පෙම්වතා සහීර්ලු.

Sonakshi Sinha




Sonakshi Sinha Exclusive from Starfriends.lk

ආදර සම්බන්ධතා නම් ඉතින් ඇතිවෙනවා නැතිවෙනවා. ඒවා කොහෙත් එහෙමයි. විශේෂයෙන්ම රංඟන ක්ෂේත්‍රයේ එහෙමයි. නිතර නිතර මුණගැහෙද්දි, එකට පෙම් ජවනිකා රඟපාද්දි හිත එහෙමෙහෙ යනවා. සෝනක්ෂිට කියලා ඒක වෙනස් වෙන්න බැහැනේ. ඉන්දීය මාධ්‍යයට සෝනක්ෂිගේ අලුත් වෙනස අහුවෙන්නේ සල්මන් ඛාන්ගේ උපන්දින සාදයෙදිලු. සල්මන් ඛාන් කියන්නෙත් ඉතින් තවමත් විවාහ නොවුණට ස්ත්‍රී සම්පත්තියෙන් අඩුවක් නැති බොලිවුඩ් තරුවක්නේ. ගොඩක් වෙලාවට ඔහුගේ දැලට හසුවන්නේ ඔහුට වඩා වයසින් හුඟක් බාල තරුණියන්. ඒ අතර ජනප්‍රිය තාරකාවන් කිහිපදෙනෙක්ම හිටියා.

දැන් මේ සෝනක්ෂි පැටලැවිල්ල ඇති කරගෙන තියෙන්නේ කවුරු එක්කද? ඔහු බොලිවුඩය ජයගන්න සූදානමින් සිටින සහීර් ඉක්බාල්. බොලිවුඩ් සිනමාවට එන්න සහීර්ව පොළොඹවන්නේ ද සල්මන් ඛාන් බව දැනගන්න ලැබෙනවා. සහීර් ගේ පියා සුප්‍රකට රන් ආභරණ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඔහු සල්මන් ගේ සමීපතමයෙක්. පියා සහ සල්මන් අතර තිබෙන සම්බන්ධය නිසා තමයි සහීර්ට සිනමාවට එන්න අවස්ථාව උදා වෙන්නේ. සහීර් ගේ වැඩිමහල් සොයුරිය වන සනම් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිප්පිනියක වනවා.

සහීර් සහ සෝනක්ෂි මීට කලින් නම් කිසිම උත්සවයකට එක්ව සහභාගී වෙලා නැහැ. නමුත් සල්මන්ගේ බර්ත්ඩේ පාටියට මේ දෙන්නා එක්ව සහභාගී වෙනවා. සමහරු නම් කියන්නේ ඒ කපුකම කරන්නෙත් සල්මන් කියලා. ප්‍රසිද්ධියේ මුණගැහුණේ නැති වුණාට සෝනක්ෂි සහ සහීර් අප්‍රසිද්ධියේ මුණගැසෙන බව ඉන්දීය පැපරාසින් වාර්තා කරනවා. පසුගිය වසරේ සෝනක්ෂිගේ උපන්දිනයට සහීර් සුබපතන්නේ සොන්ක්ෂිගේ උපන්දිනය ජාතික නිදහස් දිනයක් වනවා නම් තමන් කැමැති බවට විහිළුවක් ද කරනගමන්. මේ වෙද්දි බොහෝ දෙනා සෝනක්ෂිව සහ සහීර්ව පෙම්වතුන් ලෙස හඳුන්වා දෙන්න පසුබට වන්නේ නැහැ.

Sonakshi Sinha Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close