
Sonali Bendre Exclusive from Starfiends.lk
ඇය සෙනාලි බෙන්ඩ්රේය (Sonali Bendre). යොවුන් වියේදී මෝස්තර නිරූපිකාවක ලෙසත් ඊට පසුව වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් ලෙසත් පැමිණි සොනාලි නවතින්නේ දැවැන්ත බොලිවුඩ් සිනමාවේය. ඉතා ඉක්මනින් බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක් බවට ද පත් වූ ඇය දිල් ජාලේ, භායි, මේජර් සාබ්, හම් සාත් සාත් හේන්, හමාරා දිල් ආප්කේ පාස් හේ, වැනි බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට කිහිපයකම ප්‍රධාන නිළි භූමිකාව නිරූපනය කළාය. වර්ෂ 2003 දී රංඟන ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම විරාමයක් ලබා ගත් ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ වර්ෂ 2013 දී ය. තමන් රඟපෑ පළමු සිනමා නිර්මාණයෙන්ම හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනූ සොනාලි බෙන්ඩ්රේ ඉතා සාර්ථකත්වයට පත්ව සිටි මොහොත අවාසනාවන්ත සිදු වීමකට මුහුණ දුන්නාය. ඇය ට්විටර් පණිවුඩයක් ද එක් කරමින් මේ පිළිබඳව තමන්ගේ රසික රසිකාවියන් දැනුවත් කළාය.
ලොකු කුඩා බේදයකින් තොරව අප කා හට ද ළං විය හැකි පිළිකා මාරයා සොනාලි වෙත ළංව තිබුණි. මේ සම්බන්ධයෙන් දැනගත් මොහොතේ පටන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට ඇය අමතක නොකළාය. බොලිවුඩ් සිනමාවේ සහෝදර ශිල්පීන් සහ ශිල්පිනියන් ඇයගේ දුක සැප බලන්නට ආවා ගියාය. හැමෝගේම ආදරය මධ්‍යයේ සොනාලී මාරයා සමඟ සටන් වැදුණාය. එයින් ද නොනැවතුන ඇය තමන්ගේ ජීවිත කතාව අලලා පොතක් ලිව්වාය. පිළිකා තත්ත්වයට ගොදුරු වන විට සොනාලි බිරියක මෙන්ම මවක ද වී සිටියාය. 43 වැනි වියෙහි පසුවන සොනාලිගේ පුතු දැන් 13වැනි වියැති දැනුම් තේරුම් ඇති වයසේ දරුවෙකි.
ආක්ශේ කුමාර්, සල්මන් ඛාන්, කරන් ජෝහාර්, මනිෂ් මල්හෝත්‍රා වැනි අය සොනාලි නිව්යෝර්ක් සිටි රෝහලේ ප්‍රතිකාර ගන්නා සමයේ ළඟින්ම සිටිමින් දුක සැප බැලූහ. සොනාලිගේ සැමියා වූ ගෝල් ඩි බෙල් ය. ඔහු සොනාලි වෙනුවෙන් කළ කැපකිරීම් අදහාගන්නට ද බැරි තරම් බව පැවසෙනවා. ඉතාම සතුටුදායක ආරංචිය වන්නේ මේ වන විට සොනාලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවට වාර්තා වීමයි. ඒ අනුව ඇයත් ඇයගේ පුතා සහ සැමියාත් නිව්යෝර්ක් නුවර සිට ඉන්දියාව බලා පැමිණ ඇති බව වාර්තා වෙයි. එලෙස පැමිණි සොනාලි තමන් වෙනුවෙන් නිරෝගී සුවය පැතූ සියලු දෙනාට වගේම තමන්ව බලන්න රෝහලට පැමිණි සියලු දෙනාටත් කෘතවේදීත්වය පළකර සිටියා. සුවහසක් රසික රසිකාවන්ගේත් ආදරණීයයන්ගේත් සහෝදර කලාකරුවන්ගේත් දහස් ගණන් ප්‍රාර්ථනා සඵල කරමින් සොනාලි බෙන්ඩ්රේ ඉක්මනින්ම සම්පූර්ණයෙන් සුවපත් වේවා යන්න ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් අපගේ ප්‍රාර්ථනයයි.





Sonali Bendre Exclusive from Starfiends.lk