Daily News
සේල් එකකවත් නැති සෙරෙප්පු සචිනිලාගේ ගෙදර – Sachini Wickramasinghe

Fashion කිව්වම ඉතින් ඒක වැඩිහරියක් බර වෙන්නේ කෙල්ලොන්ගෙ පැත්තට තමයි. ඒකෙන් කියවෙන්නේ කොල්ලෝ fashion කරන්නෙ නෑ කියල නෙවෙයි. අරගොල්ලො තරමට ඉතිං ඒ වගේම ලොකු ගේමකට බැහැලා නෑ කියලා කියන එකයි. නිකමට බලන්නකෝ ඕන තැනක ගෙදරක වුනත් ගෑණුළමයෙක් ගමනක් යන්න ලේස්ති කරගන්න තියෙන අමාරුව. කොහොම හරි ඉතින් ලෝකෙ හැමතැනම වගේ ලංකාවෙත් fashion වලට දීලා තියෙන්නේ තමන්ගේ life එකේ තියෙන ඉහළම තැන කියලා කිව්වොත් හරි. ඒ දේවල් කරන්න ගත්තම ඉතින් සමහරුන්ට වගේ වගක් නෑ. එක එක අය එක එක විදියයි. ඒ දේවල් එහෙම කරගෙන යද්දී සමහරු තමන්ට හරියන ෆැෂන් එක මොකක්ද කියලා දන්නෙත් නෑ. රැල්ලට ගිහින් බෙල්ල කපාගන්න වෙන්නේ අන්න ඒ වගේ වෙලාවල් වලට තමයි. සමහරු තමන්ට හරි ගියේ නැතත් තමන් කැමති artist කොහොමද අඳින්නෙ අන්න ඒකට කැමති වෙනවා. එයා කැමති Colour එකට කැමති වෙනවා. එතකොටත් ඉතින් බඩුම තමයි. ඒවා ඉතින් කාටවත් වළක්වන්න බෑ මොකද ඒ මිනිස්සු පුරුදු වුණු හැටිනෙ.
ඔන්න ඉතින් ඔයාලා දන්නවා නේද දෙවෙනි ඉනිම Drama එකේ ඉන්න සචිනි කියන්නේ කවුද කියලා. දෙවෙනි ඉනිම බලනවා නම් නොදැන ඉන්න විදියකුත් නෑනේ නේද? මෙයාටත් ඉතින් fashion කිව්වොත් මොනවාද. කියලා වැඩක් නෑ ඉතින් ඒවා නම්. සචිනි කියන්නේ fashion ලෝකයක්ම කියලා තමයි එයාව දන්න අය කියන්නෙ. Sachini මේ ළඟදී දවසක එයා කරන fashion ගැන කියලා තියෙනවාලු. කියලා තියෙනවා විතරක් නෙමෙයි ඒ ගැන පොඩි විස්තරයකුත් කරලා තියෙනවා. සචිනි කියන විදියට ඇඳුම් අඳින එකම නෙවෙයිලු විලාසිතා කියන්නේ. කතා බහ කරන එකේ ඉඳලා කනබොන තැන දක්වා ඒ හැම දෙයක්ම fashion වලට අයිති වෙනවලු. එහෙම තමයි එයා fashion ගැන නිර්වචනය දීලා තියෙන්නේ. normally බැලුවොත් ඉතින් අපිටනං තියෙන්නේ ගෙදරට දොරට දාන සෙරෙප්පු කුට්ටම් තුන හතර විතරයි නේ. ඒත් ඒවා එහෙම නෙමෙයි. ඒවා එහෙම නොවෙන තැනුත් තියනවා. අන්න එහෙම නොවෙන තැනක් තමයි මෙි කියන්න හදන්නේ. සචිනිගෙ fashion ගැන තියෙන ආශාව කොයිතරම්ද කියලා කියනවා නම් සචිනිට සෙරෙප්පු කුට්ටම් විතරක් සීයකටත් වැඩියෙ තියෙනවාලු. කුට්ටම් කිව්වම ඉතින් දැන් උඩ බිම බලන්න එපා. ජෝඩු .. ජෝඩු.. සෙරෙප්පු ජෝඩු. අන්න ඒවා. කොහොමද ඒක නේද? හදිසියක් වුණොත් එහෙම ගමට ම බෙදන්න පුලුවන්. එහෙමත් බැරි වෙලා ඉතුරු උනොත් සෙරෙප්පු කඩයක් උනත් දාගන්න පුළුවන්. කතා මොකටද සේල් එකකවත් මෙච්චර සෙරෙප්පු නැතුව ඇති. සෙල්ලංද?? තනි තනියෙන් ගත්තොත් සෙරෙප්පුම දෙසිය ගානක්. ඉතිං ඒ වගේම තමයි සචිනි fashion කරාට එයත් Bollywood වල actress කෙනෙක්ව අනුකරණය කරනවලු. ඒ වෙන කවුරුත් නෙවෙයි ප්රියංකා චොප්රාවලු.