Daily News
Trending

සෙනාලි හේමාල් සමඟ විජයබා කොල්ලයට සැරසෙයි.




සම්මානනීය සිනමා අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නයන්ගේ නවතම නිර්මාණාත්මක වෑයම ලෙසින් විජයබාකොල්ලය හඳුන්වා දෙන්න පුළුවන්.

“විජයබා කොල්ලය” නවකතාව ඇසුරෙන් රචනා කළ මෙහි තිර පිටපත සැකසී ඇත්තේ වසර ගණනාවකට එපිටින්. ඒ අභාවප්‍රාප්ත විශිෂ්ට සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකරයන් අතින්. මෙම කලාකරුවන්ගේ සුරතින් මැවෙන විජයබා කොල්ලය මෙරට සිනමාවේ අපූර්ව සිනමාපටයක් වන බවට සැක නැහැ. මෙහි විධායක නිෂ්පාදනය බූඩි කීර්තිසේනගේ.

ලාංකික සිනමාවට පාදක වන මුල්ම නවකතාව රචනා කළේ ද ඩබ්ලිව්. ඒ සිල්වා ශූරීන්. ඒ කැලෑහඳ නවකතාව. එයින් පසු ඔහු විසින් රචනා කරන ලද රදළ පිළිරුව, සිරියලතා, දෙයියන්ගේ රටේ, දෛවයෝගය, හඳපාන, හිඟන කොල්ලා යන කෘතීන් සිනමාවට නැඟුණා. මෙම චිත්‍රපට සියල්ල ඉහළ ආදායම් ලැබීමට සමත් වීමත් සුවිශේෂීයි.

විජයබාකොල්ලය මෙලෙස සිනමාවට නැඟෙන්නේ සිංහල සිනමාවට වසර 71ක් සපිරීම නිමිති කරගෙන. මේ ඓතිහාසික වටිනාකමක් සහිත සුවිශේෂී සිනමා නිර්මාණයට සෙනාලි ෆොන්සේකා සමඟ හේමාල් රණසිංහ ද ප්‍රධාන චරිත නිරූපනයෙන් දායක වෙනවා. හේමාල්ගේ සිනමා දිවියේ මෙවැනි ඓතිහාසික චරිත නිරූපණයක් මුණගැහෙන්නේ කලාතුරකින්. සෙනාලිට වගේම හේමාල්ටත් මේ ලැබිලා තියෙන්නේ ස්වර්ණමය අවස්ථාවක්. අපි බලමු, සිනමා කෘතිය මොනතරම් සුන්දර එකක් වේවිද කියලා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close