
Senali Fonseka Exclusive from Starfriends.lk
සෙනාලි ෆොන්සේකා කියන්නේ ප්‍රවීන නිළි මාලනී ෆොන්සේකා පරම්පරාවේ අනාගතයෙන් එක පුරුකක්. ඇය රඟනයට ප්‍රවිශ්ට වෙන්නේ සිනමාවෙන්. ඊට පසුව ටෙලි නාට්‍ය කලාවේත් රියැලිටි වේදිකාවේත් සෙනාලිව දකින්න ලැබෙනවා.
මෑතකදි සෙනාලි හරිම ලස්සන පොටෝ ෂූට් එකක් කරලා තිබුණා. සාමාන්‍යයෙන් අපි දකින සෙනාලිගේ අහිංසක සුන්දර සිනහව වෙනුවට මේ පොටෝ ෂූට් එකේ ප්‍රොෆෙෂනල් නිරූපිකාවකගේ ලක්ෂණ පෙනෙන්න තිබුණා. මෙහි තැඹිළි පැහැති විලාසිතාවකින් සැරසී සිටින ඇය වඩාත් සරාගීව දකින්න ලැබෙනවා.
සෙනාලිගේ මේ ලස්සන පොටෝ ෂූට් එක කරලා තිබුණේ දිලිප් කුමාර. කොන්ඩා මෝස්තරය haroon ලා ගෙන්.
“ජිවිතේ මුහුණ දෙන හැම අමාරු අවස්ථාවක්ම තමාව හැඩ ගස්සන අතර තමාව ශක්තිමත් කරවනවා”
මෙහෙම කියන්නේ සෙනාලි. ඒ ඇය Scientis කෙනෙක් හැටියට පළමු පන්තියේ සාමාර්ථයක් එක්ක BSSc උපාධියක් ලබා ගත්තාට පසුව.
අධ්‍යාපනයත් රංඟනයත් සමබර කරගෙන ඇය යන ගමන හැමෝටම ආදර්ශයක්. ඉදිරියේදී ඇය විජයබාකොල්ලය කියන අපූරු ඓතිහාසික කතා තේමාව රැගත් චිත්‍රපටයෙන් ඔබව මුණගැහෙනවා.
Senali Fonseka Exclusive from Starfriends.lk