Daily News
Trending

සෙට් එකට ගියාම සංජානාට ඩ⁣යලොග් අමතක වෙලා වෙව්ලනවලු..

Sanjana Gamaarachchi




Sanjana Gamaarachchi Exclusive from Starfriends.lk

අලුත් අලූත් teledrama එනවා වගේම තමයි ඒවායෙන් අලුත් මූණු එළියට එන්නෙත් හිතන්නවත් බැරි ඉක්මනට. ඉස්සර නම් ඉතින් ටෙලියකට අලුත් නිළියක් එනවා කියන එක කාලාන්තරයකට පස්සේ සිද්ධවෙන දෙයක්. ඒත් ඉතින් ලංකාවේ තියෙන ටීවී චැනල්ස් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න ඒවායේ හදන ටෙලි ඩ්‍රාමාත් වැඩිවෙන්න පටන් ගත්තා. ඒකේ බලපෑමක් විදිහට තමයි ඉතින් දවසින් දවස අලුත් මූණු මේ ෆීල්ඩ් එකට එකතු වෙන්න පටන් ගත්තේ. මෙන්න මේ විදියට ටෙලිෆීල්ඩ් එකට අලුතෙන් සෙට් උන මූණ තමයි සංජානා කියන්නේ. අපි එයාට සංජානා කියල කිව්වට සමහරු නම් මෙයාට කියන්නේ ජීවිතය ඇති තුරා ටෙලියෙ හිමිදිරි කියලා. මේ ටෙලිය තමයි සංජානාගේ first ටෙලිය. හැබැයි ටෙලි ෆීල්ඩ් එකට අලුත් උනාට ටීවී commercial වලට නම් මෙයා ඉඳලා තියෙනවා. මෙහෙම චාන්ස් එකක් ලැබෙයි කියලා සංජානා නම් හිතලා නෑ. හැබැයි ඉතින් එහෙම හිතුවා කියලා ඇති වැඩකුත් නෑ. මොකද ගෙදරින් මෙයා ටෙලිෆීල්ඩ් එකට එනවට නම් කොහොමත් කැමැත්තක් දක්වලා නෑ. හැබැයි එහෙම කියලා නෑ කවද හරි දවසක නිළියක් නම් වෙනවාමයි කියලා එයා ලොකුවටම බලාපොරොත්තු තියාගෙන තමයි ඉඳලා තියෙන්නේ. කොහොමහරි අම්මගෙන්. තාත්තාගෙන් වදෙන් පොරෙන් අවසර අරගෙන සංජානා දෙරණ අවුරුදු කුමාරි තරඟයට එකතුවෙලා ඒකෙන් තුන්වෙනි තැනත් දිනා ගත්තා. ඊට පස්සේ තමයි මෙයාට commercial කරන්න සෙට් උනේ. ලේසි නෑ මේ වෙනකොට commercial 30ක් විතර කරලා තියෙනවලු. කොහොමහරි මේ ටෙලිය කරන්න නම් සංජානා සෙට් වෙලා තියෙන්නේ FB එකෙන් දැකපු ෆොටෝ එකක් නිසාලු .

අපි හැමෝම ඉතින් හැමදේම හරි විදියට කරන මිනිස්සු නෙවෙයිනෙ. හැමෝටම හැමදේකටම weekpoint තියෙනවා. ඉතින් සංජානාටත් මෙන්න මේ දේවල් වලට මුහුන දෙන්න සිද්ධවෙලා තියෙනවා ලෙසටම. සෙට් එකට ගියාම මෙයාට ගොඩක් වෙලාවට ඩයලොග් අමතක වෙනවලු. එහෙමත් නැත්නම් වෙව්ලන්න පටන් ගන්නවලු. හොඳම වැඩේ ඒකයි. හොඳම වැඩේ ඒක වුණාට වෘත්තිය මට්ටමේ නිළියක් වෙන්න ඉන්න කෙනෙකුට නම් වැඩේ හරි යන්නෙ නෑ. ඒත් සංජානා කියන්නේ දැන් නම් ඔන්න එහෙම වෙන්නේ නෑලු. මේ දේවල් හැම දෙයක්ම සිද්ද උනේ ඉස්සර කියලා. දැන් මේ හැම දෙයක්ම හරිලු. දැන් හොඳින් වැඩ ටික කරගෙන ඉන්නවලු. අන්න ඒක නිසා දැන් නම් ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා තමයි සංජානා නම් කියන්⁣නේ.

Sanjana Gamaarachchi Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close