Daily News
Trending

සෙට්වුණු ෆිල්ම් අතෑරලා දැම්මේ ආත්ම ගරුත්වය හින්ද ලු – Amandha Jayarathne




මීට ටික කලකට ඉස්සෙල්ලා Itn එකේ අලුත් ටෙලි ඩ්‍රාමා එකක් පටන් ගත්තා. සමහර අය කියන විදියට අනිත් ටෙලි වලට වඩා මේක ටිකක් වෙනස්ලු. ඒක හින්දම වෙන්න ඇති වැඩි වැඩියෙන් කට්ටිය මේ ටෙලිය බලන්න පටන් ගත්තේ. ටෙලියේ නමනම් තෝඩු. ඉතිං මේ ටෙලිය බලන කට්ටියට නම් ඒකෙ චරිත ගැනත් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. මේ ටෙලියේ එක්කෙනෙක් තමයි පහන්දි කියන්නේ. පහන්දිගේ ඇත්ත ජීවිතේ නමනං අමන්දා, අමන්දා ජයරත්න. තෝඩු කියන්නේ අමන්දාගේ දෙවෙනි ටෙලිය එයාගෙ මුල්ම ටෙලිය තමයි නිල පබළු. මෙයා රඟපාන්න ඉස්සර වෙලා මුල ඉඳලාම කරලා තියෙන්නේ modelling. ඊට පස්සේ තමයි හිමි හිමිට ඉතින් act කරන්න ඇවිල්ලා තියෙන්නේ. අමන්දා කියන විදියට නම් එයාට දැන් සෑහෙන ප්‍රතිචාර තියෙනවාලු. හැබැයි ඉතින් දිගටම ටෙලිවල act කරන්නේ නැතුව තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න තමයි අමන්දා හදන්නේ. එයාට Business Management ගැන ඩිග්‍රි එකක් තියෙනවා. ඉතිං ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් ඕන කියලා තමයි එයා ඒක කරන්නේ. එයාට ජීවිතේටවත් අමතක වෙන්නේ නැති සිද්ධි දෙකක් තියෙනවලු. එකක් ලොකේෂන් එකේදි බර්ත්ඩේ එක celebrate කරපු එකලු. අනිත් එක කාවින්දගෙන් ගුටිකාපු එකලු. ගුටිකාපු එකලු??? අන්න එහෙම කිව්වම ඉතින් අවුල් වගේ නේද? එහෙනම් මෙහෙම කියන්නම්. එක සීන් එකක් තිබ්බලු, කාවින්ද file එකෙන් ගහන. ඉතින් අන්න ඒ වැදිච්ච පාරනම් කවදාවත් අමතක කරන්න බැහැලු.

ඉතින් ඔන්න එයාගේ කතාව මෙන්න මේකයි. සාමාන්‍යයෙන් අලුතෙන් ආපු කෙනෙක්ට film එකකට කතා කරනවා කියන්නෙත් ඒක සෑහෙන දෙයක්නෙ. නැත්තං ඉතිං වේලි වේලි තමයි ඉන්න වෙන්නේ. ඒ වුණත් වැඩේ කියන්නේ අමන්දා මේ ෆිල්ම් එක බාර අරගෙන නෑ. එතනින් ඒ ෆිල්ම් එක මිස් වෙලා ගිහිල්ලා. ඊට පස්සෙත් අමන්දාට ෆිල්ම් කීපයකටම කතා කරලා තියෙනවා. ඒත් එයා ඒ එකකටවත් සෙට් වෙන්න කැමැත්ත පළ කරලා නෑ. ඒකත් පුදුමයක් නේද සමහරුන්ට ෆිල්ම් නැතිව ඉන්නවා මෙයාට ෆිල්ම් ඇවිල්ලත් මෙයා ඒවයෙ වැඩ කරන්නේ නෑ.ඒකටත් ඉතින් මොකක් හරි හේතුවක් තියෙන්න එපායැ. අපි ඉතිං හොයලා බැලුවා මොකක්ද මේ හේතුව කියලා. එතකොට තමයි දැන ගත්තේ අමන්දා කියන විදියට ඒකෙ කතන්දරේ. අමන්දා කියන විදියට ඒ ෆිල්ම් වල තිබ්බ එක චරිතයකටවත් එයා කැමති නෑලු. හැමදේකටම වඩා එයාට එයාගෙ ආත්ම ගෞරුත්වය වටිනවලු ඒක හින්දා මේ ෆිල්ම් කිසි එකක් බාර ගත්තෙ නැහැලු.. රඟපානවා නම් රඟපාන්නත් ඕන හොදම චරිතලු. ඔන්න ඉතින් අමන්දා කියන්නේ එයා ෆිල්ම් ටික අතඇරල දාලා තියෙන්නෙ එයාගෙ ආත්ම ගරුත්වය රකින්න ඕන හින්දා කියලා. එයාට තවම කට කටකතා හැදිලා නැහැ ලු කටකතා හැදුණත් ඉතිං එයාට එයාව ෂුවර් නම් ඉතින් කාටවත් ගැටළුවක් ඇති වෙන්නෙත් නෑලු.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close