GossipsHollywood & Bollywood
Trending

සුහානාට ඉල්ලුම වැඩි වෙයි.

Suhana Khan




Suhana Khan Exclusive from Starfriends.lk

සුහානා ඛාන් කියන්නේ ශාරුක්ගේ එකම දියණිය. ඇය මේ වන විට ඉතාම ජනප්‍රිය තලයක පසුවනවා. සුහානාට දැන් තීරණ ගැනීමේ නිදහස තියෙනවා. ඒ බව ශාරුක් දවසක් මාධ්‍යයට පවා කියලා තිබුණා. ඇය ජනප්‍රිය සඟරාවක කවරය සරසන්න පවා තෝරා ගෙන තිබුණේ ඒ අනුව. ශාරුක්ගේ සෙවණේ සුහානා ඛාන් දුර ගමනක් යන්න හදන බව පේනවා.

සුහානාට තිබෙන ආකර්ශනය කොයි තරම්ද කියනවා නම් ඇය යන යන තැන දැන් පැපරාසිලු. සුහානා යාළුවෙක්ව වැළඳ ගන්නා වීඩියෝවක් පවා පහුගිය කාලයේ අන්තර්ජාලයට ආවා.

දවසක් සුහානා යෙහෙළියන් පිරිසක් එක්ක නාන්න ගිහින් ඉද්දිත් සුහානා දිහාවට පැපරාසින්ගේ ඇස් යොමුවෙනවා. එදා සුහානා, යෙහෙළියක් අතේ හිටපු සුරතල් බල්ලෙක්ව සිපගන්නවා. මේ ඡායාරූපය එසැනින් අන්තර්ජාලය පුරා හුවමාරු වෙනවා. සුහානාගේ සත්ව කරුණාව පිළිබඳව පවා කට්ටිය කතා කරන්න පටන්ගන්නවා.

සුහානාට දැන් තරුණයන්ගේ ඇහැ වැටිලා තියෙන්නේ. සුපිරි නළු අනිල් කපූර්ගේ බාල පුතා හර්ෂ්වර්ධන් කපූර්ට සුහානා ගැන ආසාවක් තියෙනවාලු. දවසක් කොෆි විත් කරන් වැඩසටහනේදී කවදා හරි නිළිය විදියට සුහානාව තෝරාගන්න කැමතියි කියලා හර්ෂ් ප්‍රසිද්ධියේම කියලා තිබුණා. ඔහුට සුහානා සමඟ රඟපාන්න පුදුම ආසාවක්ලු තියෙන්නේ.

Suhana Khan Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close