GossipsHollywood & Bollywood
Trending

සුහානාගේ අම්මා ගෞරි ඛාන්ටත් කවර්පේජ් උණ බෝවෙලා.




ඔයාලට මතක ඇතිනේ පුංචි කෙල්ල සුහානා ඛාන් වෝග් මැගසින් එකේ කවර් පේජ් එකට පෙනීසිටියා කියලා. සුහානා දැන් ටික ටික තාත්තගේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් ඉන්නේ. ඒත් මේ නිසා හතර වටින් හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා.

ඒවා ඉතිං ශාරුක් ඛාන්ගේ දියණිය වීම නිසාම සුහානාට බරපතල ලෙස බලපෑවේ නැහැ. ඒ තාත්තා ඉතිං මහා දැවැන්ත රසික පවුරකින් ආරක්ෂා වෙලානේ ඉන්නේ. ඒ ආදරෙත් එක්ක ශාරුක්ගේ පවුලට ගල්ගහනවා බොරු.

දියණිය වෝග් සඟරාවේ කවරය සරසනකොට ඇගේ අම්මා ගෞරි ඛාන් මොකද්ද දන්නවද කළේ? ඇයටත් ඒ වගේම ආරාධනාවක් ලැබෙනවා. සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිත ‘ෆැම්නා’ සඟරාවේ කවරය නිරූපණය කරන්න තමයි ගෞරිට ආරාධනා ලැබෙන්නේ. මීට කලින් ගෞරි සඟරාවල කවර සඳහා පෙනී ඉඳලා තියෙනවා. හැබැයි ඒ තනියම නෙමෙයි, ශාරුක් එක්ක. ගෞරි පළමු වතාවට තනියම කවරයකට පෙනීසිටින්නෙ ෆැම්නා වෙනුවෙන්.

ශාරුක් ෆැම්නා කවරය සරසන තම බිරිය වෙනුවෙන් ට්විටර් සටහනක් තබනවා. එහි සඳහන්ව තිබුණේ ‘For us she is the cover Mother’ ලෙසින්.

Tags
Show More
Close