GossipsHollywood & Bollywood
Trending

සුවහසක් රසික රසිකාවන්ගෙන් සැඟවී ‍රන්වීර් දීපිකා විවාහ වෙයි. Exclusive Photos




රන්වීර් සින්ග් සහ දීපිකා පදුකෝන් අතර විවාහ මංගල්‍යය, මෑතකදී වැඩිම අවධානයක් දිනාගත් බොලිවුඩ් මංගල්‍යය වෙයි. ලොව පුරා මාධ්‍යවේදීන්ගේ උකුසු ඇස රන්වීර් සහ දීපිකා වෙත යොමුව ඇති වටපිටාවක ඔවුන් දෙදෙනා සිය විවාහ මංගල්‍යය හොර රහසේම සැමරීමට තීරණය කර තිබුණි. මේ වන තුරුත් ඔහුන්ගේ විවාහ මංගල්‍යයේ කිසිදු ඡායාරූපයක් අන්තර්ජාලයට එක්ව නොතිබීම පැපරාසීන් පවා පුදුමයට පත් කරවන්නකි.

දීපිකා සහ රන්වීර් අතර විවාහ මංගල්‍යය සිදුවන්නේ ඉතාලියේදීය. ඒ පවුලේ ඥාතීන් සහ සමීපතමයින් කිහිප දෙනකු අතරය.

දීපිකා සහ රන්වීර් අතර විවාහය සිදුවන්නේ ඊයේ (14) ය. එදින ඇය රතු සහ රත්තරං පැහැති ඇඳුමකින් සැරසී සිට ඇති අතර රන්වීර් සුදු පැහැති ජෝතියකින් සහ කුර්තා විලාසිතාවකින් සැරසී සිට ඇත. ඉතාම සංසුන්ව පැවැති මෙම විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වූ අයට දකුණු ඉන්දීය රසවත් ආහාර පිරිනමා තිබුණා.

සෝෂල් මීඩියාවලට ද දෙදෙනාගේ විවාහයට අදාල කිසිදු ඡායාරූපයක් එකතු නොකරන්නට දීපිකා මෙන්ම රන්වීර් ද වගබලා ගැනීම ඔහුන්ගේ රසික රසිකාවන් පුදුමයට පත් කළා. නමුත් දීපිකා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඔවුන් ඉතාලි බලා පිටත්ව යන ගුවන් යානයේ වීඩියෝවක් පමණක් එක් කර තිබුණා.

රන්වීර්, දීපිකා ඉදිරියේ එක දණක් නමා රැස්ව සිටි පිරිසගේ ඇස් වලට සතුටු කඳුළක් නංවන ආකාරයේ සංවේදී කතාවක් කළ බවත් ආරංචි වෙනවා.

මේ දෙදෙනාගේ විවාහය සිදුවන්නේ හමු වීමෙන් වසර 6කට පසුවයි. රන්වීර් ඔහුගේ විවාහයට පැමිණ සිටි සමීපතමයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. එනම් ඔවුන්ගේ විවාහය වෙනුවෙන් ලබා දෙන වෙඩින් ගිෆ්ට්, “පදුකෝන්ස් මෙන්ටල් වෙල්නස් ෆවුන්ඩේෂන්” වෙනුවෙන් පරිත්‍යාග කරනමෙන් කළ ඉල්ලීමය.

කිසිදු මාධ්‍යයකට ආරාධනා කර නොතිබුණ රන්වීර් දීපිකා විවාහ මංගල්‍යය සියලු රසික රසිකාවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ විදියට අවසාන වී තිබුණි. නමුත් රන්වීර් සහ දීපිකාට ලොව පුරා රසික රසිකාවන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබේ. ඔවුන් පුනපුනා බලා සිටින්නේ රන්වීර් දීපිකා විවාහ මංගල්‍යයේ නිල ඡායාරූප අන්තර්ජාලයට එක්වන තුරුය.

රන්වීර් සහ දීපිකා බොලිවුඩ් සිනමාවේ අතිශය සාර්ථක නළු නිළියන් බව කිව යුතුය. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ආකාරායට පසුගිය වසර තුල පමණක් රන්වීර් සහ දීපිකාගේ වසරක ආදායම පවුම් මිලියන 16ක් පමණ වී ඇත. විවාහයෙන් පසුව මේ දෙදෙනාටම එක්ව ඔවුන්ගේ ගමන තවත් දුර යාමට හැකිවනු ඇත.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close