Daily News
Trending

සුමුදුගේ කිරුළට වලියක්.




සුමුදු ප්‍රසාධිනී ගැන මේ දවස් වල කතා කරන්න පටන්ගෙන තියෙන්නේ ඇය 2018 විවාහක රූ රැජිණ තරඟයෙන් කිරුළ දිනාගැනීමත් සමඟ. මේ වෙනකොට මේ කිරුළ ගැන සමහරු තැන් තැන් වල කතා කරන්න පටන් ගෙන තියෙනවා.

සුමුදු එක්කම මේ තරඟයට සහභාගී වුණ තවත් තරඟකාරිණියක් මේ විනිශ්චය ගැන සතුටකින් නෙමෙයි ඉන්නේ. ඇය ප්‍රසිද්ධියේම චෝදනා කරන්නේ මහ දවාලේ බොරු කරලා හොරකන් කරපු කිරුළක් කියලා මේක. මේ තරඟය වංචාවක් බවත් මේක පිළිගන්න බැරි විනිශ්චයක් කියලා තමයි ඇය කියන්නේ. කොහොම වුනත් කවුරු මොනවා කීවත් මේ කිසිම දෙයකට සුමුදු ප්‍රතිචාර දෙන්නේ නැහැ.

සුමුදු කියන්නේ වෙන අය කියන කතා වලට පිළිතුරු බඳින්න ඕන නැහැ කියලා. ඇගේ යාළුවෝ පවා කිව්වලු මේ කියන කතා වලට ඔයත් පිළිතුරක් දෙන්න කියලා හැබැයි සුමුදු එහෙම කරන්න කැමති නැතිලු. සමහර මිනිස්සුන්ට තමන්ගේ පරාජය දරාගන්න බැරි වෙනවනේ සමහර විට මේ කතාවත් ඒ නිසා කියපු දෙයක් වෙන්නත් පුළුවන්.

සුමුදු කියපු විදියට මෙවර කිරුළ මිලෙන් ඉතා අධිකලු. ලක්ෂ 300ක් වටිනවලු මේ කිරුළ. ලබන වසරේ ජයග්‍රාහිකාව තේරෙනකම් මේ කිරුළේ අයිතිකාරයා සුමුදුලු.

Tags
Show More
Close