
සුමිරාන් ගුණසේකර කියන්නේ වර්තමානයේ කලා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය රංඟන ශිල්පියෙක්. තමන්ගේ පෙම්වතියව පුදුමකරලා විවාහ යෝජනාවක් කළ සුමිරාන්ට ගොඩක් අය එක එක කතා කිව්වා. හැබැයි සුමිරාන් මේ කිසිම දෙයක් ගනන් ගත්තේ නැහැ.
සුමිරාන් ගැන මේ දිනවල කතා වෙන්නේ ඔහු රංඟනයෙන් එකතු වෙලා ඉන්න නීල පබළු ටෙලිනාට්‍යය නිසා. පහුගිය දවසක සුමිරාන් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දාලා එක්තරා පුද්ගලයෙක්ට ස්තුති කරලා තිබුණා. ඒ තමයි තවත් රංඟන ශිල්පියෙක් වෙන ජනිත් වික්‍රමගේ. මේ නාට්‍යයේ ජනිත් සහ සුමිරාන් එකට තමයි රඟපාන්නේ.
සුමිරාන්ගේ ජීවිතේ එයාට මුණගැහුනු සුන්දරම, ඊරිසියාව, කුහකත්වය අබමල් රේණුවක්වත් නැති රංඟන ජීවිතේ මිත්‍රයා ජනිත් කියලා තමයි සුමිරාන් ඔහුව හඳුන්වලා දීලා තිබුණේ. ජනිත්ගේ රංඟන දැනුමෙන් නිරන්තරයෙන් සුමිරාන්ට මඟ පෙන්වමින් උපදෙස් දෙමින් ඔහුව පෝෂණය කරනවලු. ඔහුගේ ඒ උතුම් ගුණයට ස්තුති කරන්න තමයි සුමිරාන් මේ පෝස්ට් එක දාලා තිබුණේ.
කලා ලෝකේ එහෙම අය අඩුයි. ඉතින් මේ නිසා තමයි වෙන්න ඇති සුමිරාන් ජනිත්ව මතක් කරලා මෙහෙම ස්තුති කලේ. මේ දෙන්නගේ හිතවත්කම ගොඩක් කල් තියෙන්න කියලා අපිත් ප්‍රාර්තනා කරනවා ඔන්න.