Daily News
Trending

සුභ නැකතින් දීග ගියපු පුංචි තිරයේ අහිංසකාවියට සුබ මංගල්‍යයක්…




තිසුරි යුවනිකා කියන්නෙ ආදරණීය රංඟන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණිය. තිසුරි අම්මගේ අඩිපාරෙම ගිහිං අද වන විට අතිෂය ජනප්‍රිය රංඟන ශිල්පිනියක්. ඒ වගේම සම්මානනීය රංඟන ශිල්පිනියක්. තිසුරි විවාහ වෙන්න යන බව අපි ඔයාලට කලින්ම කිව්වනෙ. ඒ දවස ඔන්න අද තමයි උදා වුණේ. තිසුරිගේ විවාහ මංගල්‍යය මේ වෙලාවේ ජයික් හිල්ටන් හෝටලයේදී මහ ඉහළින් සැමරෙනවා.

තිසුරිව හුඟ දෙනෙක් හඳුනා ගන්නෙ පුංචි තිරයේ අහිංසකාවිය විදියට. ඇය දෙවරක්ම හොඳම නිළිය සම්මානය දිනාගත් දක්ෂ රංඟන ශිල්පිනියක්. ඇයගේ අත ගන්න මනාලයා තමයි සුරාජ් විජේසිංහ. මේ විස්තර පස්සෙ කතා කරන්න පුළුවන්නෙ.

ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් අපි තිසුරිගේ අලුත් ජීවිතයට ආසිරි පතනවා වගේම. දිගටම මේ ක්ෂේත්‍රයේදි හොඳ නිර්මාණ වලින් අපිට ඇයව මුණ ගැහෙන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

Show More
Close