
නිදහසේ පියා චිත්‍රපටය පහුගිය දවස්වල දැඩි කතාබහට ලක් වුණා. ඊට හේතුව වුණේ මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වෙනත් නිර්මාණ සම්බන්ධයෙන් පැනවූ වාරණයක් නිසා. ඒ වගේම මේ චිත්‍රපටය තමයි ලංකාවෙ බිහිවූ පළමු දේශපාලන චරිතාපදාන චිත්‍රපටය වන්නෙත්. මෙහි නිෂ්පාදක වන්නෙ වත්මන් රජයේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ.
නිදහසේ පියා අධ්‍යක්ෂණය කරන්නේ ස්පන්ධන, සිංහාවලෝකන වගේ නිර්මාණ අධ්‍යක්ෂණය කළ සුනෙත් මාලිංග ලොකුහේවා. ඉතිං නිදහසේ පියා තිරගත වීමට ආසන්න නිසා ඔහු මේ දිනවල ඉතාම කාර්‍යබහුල බව තමයි අපිට දැනගන්න ලැබුනේ. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් තමයි මේ දිනවල ඔහුගෙ කාලය ගතවෙන්නේ.
නිදහසේ පියා වෙනුවෙන් විශාල මුදලක් වැයකරලා තියෙනවා. ඒත් විජයදාස ඇමතිතුමා නිර්මාණ කිහිපයක් සම්බන්ධයෙන් පෙනීසිටි ආකාරය නිසා නිදහසේ පියා නිර්මාණයටත් ඒ පෙනීසිටීම් නරක විදියට බලපෑව. ක්ෂේත්‍රයේ කලාකරුවන් කිහිපදෙනෙක් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන මට්ටමටම වැඩේ දුරදිග ගිහිං තිබුණා. එත් ඒ කිසිවක් අදාල නැහැ. නිර්මාණය හොඳයි නම් ඒක මිනිස්සු වැළඳගන්නවා. අපි සුනෙත්ට මේ වැඩේ සාර්ථක වෙන්න කියලත් ඒ නිසා සුබ පතනවා