
උමාලිට මේ ගෙවෙන්නේ ජයග්‍රාහී වසරක්. සම්මාන උළෙලවල් කිහිපයකින්ම ඇය පිට පිට සම්මාන දිනා ගත්තා. පසුගියදා නිමා වුණ හිරු ගෝල්ඩන් සම්මාන රාත්‍රීයේදීත් ඇයට සම්මානයක් හිමිවුණා. ඉතින් මේ ගැන උමාලි අපූරු අතීත ආවර්ජනයක් කරලා තිබුණේ මේ ගමන එන්න උදව් කරපු කෙනෙකුත් මතක් කරමින්.
ඒ තමයි ඇගේ ගුරුවරියක් වුණ විෂා මනෝහාරි මහත්මිය. වසර ගනනාවකට පෙර රෝස වසන්තය සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපාන කාංචනා මෙන්ඩිස්ගේ නංගිගේ චරිතයට ගැහැණු ළමයෙක් තෝරන්න උමාලිගේ පාසලට ඇවිත් තිබුණා උදයකාන්ත මහත්මයා. ඉතින් මේ තෝරාගැනිම අතරතුර විෂා මිස් තමයිලු උමාලිව උදයකාන්ත මහත්මයාට අඳුන්වලා දීලා තියෙන්නේ. ඔවුන් ඒ වෙනකොට හොයමින් ඉඳලා තියෙන්නේ මේ චරිතයට සුදු ගැහැණු ළමයෙක්ලු. හැබැයි මිස් උමාලිව අඳුන්වලා දීලා කියලා තියෙන්නේ වෙනසකටත් එක්ක මේ දැකුම්කලු ළමයා අපි දාමු කියලලු. ඒ විදියට තමයි උමාලි රංඟනයට එකතු වෙන්නේ.
ඉතින් උමාලි කියනවා තමන්ගේ සමේ වර්ණය කුමක් වුණත් ඒ ගැන සතුටු වෙන්න කියලා. තමන් තමන්ව පිළිගන්නලු මුළින්ම. භාහිර අයගේ පිළිගැනිමට ලක්වෙන අදහසින් ඔබ නොවෙන කෙනෙක් වෙන්න උත්සහ කරන්න එපා කියලා තමයි ඇය කියන්නේ. ඒ වගේම සමේ වර්ණය නිසා විවේචනයට ලක්වෙන වෙලාවට ඒ අවධානම දරාගෙන ඉන්න කියනවා. ඒ වගේම සමේ වර්ණය දුබුරු හෝ කලු පැහැ උනා කියා ආත්ම විශ්වාසය වට්ටගන්න එපා කියලා උමාලි සුදු නොවිම ගැන දුක්වෙන අයට කියලා තිබුණා.