
නළු නිළියන්ට අයිති කාර්යය රංඟනයෙන් ජනතාව පිනවීම කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක ඒ තරම් පටු තැනකින් විග්‍රහ කරන්න නරකයි. නළු නිළියන්ට සමාජ සංසිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් කියවීමක් තියෙන්න ඕනේ. ඔවුන් අත්පත් කරගෙන තියෙන ජනතා ආකර්ශනයෙන් සමාජයට යමක් කරන්න පුළුවන් කියන අවබෝධය ලැබෙන්නේ එතකොට. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා රටේ ජනප්‍රිය කෙනෙක්ට සමාජයට බලපෑම් කිරීමේ හැකියාව වැඩියි.
දිනක්ෂි ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා. සමාජය වෙනස් විදියට හිතන්න පෙළඹවිය හැකි ඉතාම වටිනා වීඩියෝ පටයක් වෙනුවෙන් ඇය තමන්ගේ ජනප්‍රිය නිළි භූමිකාව පාවිච්චි කරනවා.
හිතට කාවදින ආකාරයට නිර්මාණය කරපු මේ වීඩියෝ පටයෙන් කියවෙන්නේ කිසියම් වරදකට දඬුවමක් ලෙස මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවිය යුතු බව. වැරදි කාරයෙක් එල්ලා මැරිය යුතු බවට වන අවසන් තීරණය ලැබෙන්නේ සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකින්. එසේ නම් එක් පුද්ගලයෙක් පමණක් එල්ලා මරන්නේ කොහොමද? දිනක්ෂි මේ වෙනුවෙන් බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ආදී සියලු ආගම් සෘජුව ප්‍රශ්න කරනවා. දතට දතක් ඇහැට ඇහැක් ඉල්ලන ම්ලේච්ඡ ක්‍රමවේදයෙන් බැහැර වෙන්නේ කවදාද කියා ඇය ප්‍රශ්න කරනවා.
මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙන මෙම වීඩියෝව වරක් හෝ නරඹන්න කියලා අපි ඔබට කියන්නේ ඇත්තටම දිනක්ෂි කියන කතාවට සවන් දිය යුතුමයි කියලා අපිත් විශ්වාස කරන නිසයි.