Daily News
Trending

සියයට පනහක් කිරුළ දෙන්නේ සල්ලි වලට.-පියුමි හංසමාලි




පියුමි හංසමාලි කියන්නේ බෙල්ල ගහලා ගියත් ඇත්ත කතා කරන කෙනෙක් කියලා තමයි ක්ෂේත්‍රයේ පිළිගැනීම තියෙන්නේ. පියුමි තමන් ගැන කතා කරන අයට වගේම අනුන් ගැන කතා කරන අයටත් කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියලා දානවා ඉතින්.

චන්දිමාල් සංවිධානය කරලා තිබුණ විවාහක රූ රැජිණ තෝරන රාත්‍රියට පියුමිත් ඇවිත් තිබුණා. මේ රාත්‍රියේදී පියුමි සැරසිලා හිටපු රතු පැහැති ඇඳුමටත් ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි. විවාහක රූ රැජිණ විදියට සුමුදු කිරුළ දිනා ගත්ත එක ගැන මොකද හිතන්නේ කියලා පියුමිගෙන් ඇහුවම ඇය කිවේ සුමුදු මේ කිරුළ දිනා ගත්තේ සම්පූර්ණයෙන්ම සුමුදුගේ දක්ෂතාවය නිසා කියලා. ඒ වගේම ලංකාවේ පැවති තරඟ වලින් සියයට පනහක්ම තරඟ වල කිරුළ දිනා ගත්තේ සල්ලි දීලා කියලා තමයි පියුමි කිව්වේ. හැබැයි මේ තරඟයේදී වුණේ දක්ෂතාවයෙන් පමණක්ම කිරුළ දිනා ගත්ත එකලු.

විනිසුරු මඩුල්ල ගැන මොකද කියන්න තියෙන්නේ ඇහුවම පියුමි කිවේ බොහෝම සාධාරණ විනිසුරු මඩුල්ලක් මේ තරඟයට හිටියා කියලා. ඔවුන් හැකියාවට මිසක සල්ලි නිසා කාටවත් කිරුළ දුන්නේ නැහැ කියලා තමයි අන්තිමට පියුමි කිව්වේ.

Tags
Show More
Close